Lanka Net Gossip

දුම්කොළ බද්ද 90 දක්වා වැඩිකිරීමට තීරණය කළා

Loading...

දුම්කොළ බද්ද 90 දක්වා වැඩිකිරීමට තීරණය කළා

දුම්කොළ භාවිතය අවම කිරීම සඳහා දුම්කොළ නිෂ්පාදන මත පනවන බද්ද 90 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
දුම්කොළ භාවිතය මර්දනය කිරීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපපත් කරනා බවද ඇමැතිවරයා කීවේය. දුම්කොළ මත පනවා ඇති බදුවලට අමතරව වැට් බද්ද ඊට පනවන බවත් එමගින් දුම්කොළ භාවිතය තවදුරටත් අඩු කිරීමට බලා‍පොරොත්තු වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න
Loading...

No comments:

Powered by Blogger.