Lanka Net Gossip

හෙට සිංහ කණ්ඩායමට කෝඩුකාරයකු ඇතුළත් වෙන හැඩයි ?

Loading...

සුපුරුදු පරිදිම තවත් වේග පන්දු යවන්නකු ආබාධ ලයිස්තුවට එක්ව සිටි. නුවන් ප්‍රදීප්ගේ කලව පසුපස මස්පිඬුව ප්‍රකෘති තත්ත්වයට පත් නොවන්නේ නම් තවත් කෝඩුකාරයකු වන විශ්ව ප්‍රනාන්දු සමග හෝ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (4 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානුවන් හමුවන බව ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

නුවන් ප්‍රදීප් අද පෙරවරුවේදී ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයට පෙනී සිටි අතර හෙට පෙරවරුවේදී තවත් පරීක්‍ණයකට ලක්කිරීමට නියමිතය.

වේග පන්දු යවන්නන් එකා මත එකා ඇදවැටීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති විශාලතම හිසරදය වුවත් දඟ පන්දු යවන්නන් බලාපොරොත්තු දස්කම් පෙන්වීම නායක ඇන්ජලෝ මැතිව්ස්ට ඇති අස්වැසිල්ලකි. පල්ලෙකැලේදී තනි වේග පන්දු යවන්නකුගෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානුවන් දෙවරක් දවාගැනීම සඳහා ඉනිම දෙකේදී ඕවර 168 ක් යැවූවද නුවන් ප්‍රදීප් විසින් යවන ලද්දේ ඕවර 22 ක් පමණි. එයින් වඩාත් දීර්ඝ වූ දෙවැනි ඉනිමේදී නුවන් ප්‍රදීප්ගේ දායකත්වය ඕවර 6 ක් පමණි.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා කියා සිටියේ නුවන් ප්‍රදීප්ගේ තත්ත්වය යහපත් අතට හැරේවි යයි තමන් එතරම් විශ්වාසය තබා නැති බවයි.

වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු අවස්ථා කිහිපයකදීම ටෙස්ට් සංචිතයට ඇතුළත් වූ නමුත් තවමත් ටෙස්ට් වරම් නොලත් ක්‍රීඩකයෙකි. මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි විශ්ව ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමග තරග කිහිපයකටම සහභාගි වී ඇතත් අතර පළමු පෙළ තරග 44 කදී දවාගෙන ඇත්තේ කඩුලු 127 ක් පමණි.

Loading...

No comments:

Powered by Blogger.