Lanka Net Gossip

මිතුරන් එක්ක සූර් වුනු තාත්තා කළ මහා පාපකර්මය

Loading...

ඩංගුවට ගත් හිදොaගම කුඩා නෙළුබෑව ප්‍රදේශයේ පදිංචි හැට දෙදහතුන් හැවිරිදි තම බාලවයස්‌කාර දියණිය සිය නිවසේදී අධික ලෙස මත්පැන් පානය කොට සමූහ දූෂණයට ලක්‌කළේයෑයි සැකපිට හිදොaගම පොලිසිය විසින් අත්අහැවිරිදි බේබදු පියකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු මේ මස 26 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හර්ෂණ රාජකරුණා මහතා (17දා) නියෝග කළේය.rape-case
රක්‍ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර වින්දිත දැරියගේ පියා, සිවිල් ආරක්‍ෂක නියාමකවරයෙක්‌ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිවිල් සේවකයෙක්‌ වෙති.
දැරියගේ පියාට අමතරව රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ අනුරාධපුර නගරයේ පුබුදුපුර පදිංචි අනුරාධපුර මහමෙව්නා උයනේ උද්‍යාන නඩත්තු කටයුතු සේවයෙහි නියුතු සිවිල් ආරක්‍ෂක නියාමක සහ හිදොaගම, කුඩා නෙළුබෑවේ පදිංචි අනුරාධපුර රණසේවාපුර යුද හමුදා කඳවුරේ සේවයෙහි නියුතු සිවිල් සේවකයෙකි.
වින්දිත දැරියගේ මව මීට වසර කීපයකට පමණ පෙර සැමියාගෙන් වෙන්ව වෙනත් නිවසක අනියම් සැමියකු සමඟ ජීවත්වන බවත්, මේ නිසා දැරිය සිය පියා සමඟ සිය නිවසේ ජීවත්ව ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවී ඇති දැරියගේ පියා තම හිතවතුන් සමඟ ඇතැම් දිනවල නිවසේදී මත්පැන් පානය කර ඇත. ඒ අනුව මීට දින කීපයකට පමණ පෙරද ඇගේ පියා ඉහත කී සැකකරුවන් දෙදෙනා සමඟ සිය නිවසේදී මත්පැන් පානය කරන අතරතුර ඇයව බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇත.
අනතුරුව ඔවුන් විසින් සිදුකළ බිය ගැන්වීම් නිසා දැරිය මේ සම්බන්ධයෙන් තමන් ඉගෙනුම ලබන පාසලේ කිසිවෙකුට හෝ අසල්වාසී කිසිවකුට පවසා නැත. පසුව අනුරාධපුර විඡේපුර ප්‍රදේශයේ පදිංචි සිය ඥතියෙකුට ඇය මේ බව පැවැසීමෙන් පසු, අනතුරුව එම ඥතියා විසින් අනුරාධපුර පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වූ හිදෝගම පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත.
දැරිය අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කොට සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේදී ඇය බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇති බව හෙළිවී තිබේ.
සැකකරුවන් තිදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 26 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වින්දිත දැරිය එදින තෙක්‌ පරිවාස භාරයට පත්කළේය.
මේ පිළිබඳව හිදොaගම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත පී. කස්‌තුරිආරච්චි මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක සාලිය කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු
උපුටා ගැනීම – දිවයින පුවත්පතෙන්
Loading...

No comments:

Powered by Blogger.