නිදාවැටීමේ වරදට මරාදැමූ කොරියානු ඇමති (වීඩියෝ)
Loading...
කොරියාවේ අධ්‍යාපන ඇමතිවරයකු ලෙස ක්‍රියාකරන කිම් - යුන්ග් - ජින් කොරියානු නායකයා සහභාගි වූ රැස්වීමකදී නිදිකිරා වැටීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරාදමා ඇති බව එතෙර වාර්තා සඳහන් කරයි.
පසුගිය ජුනි මස සිදුවූ මේ සිදුවීම වැරදි ඉරියවුවක් ලෙස දක්වන කොරියානු රජය අනතුරුව කිම් - යුන්ග් - ජින්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර ඔහු ප්‍රතිවිප්ලව වාදියෙකු බව අනාවරණය වූ බවට චෝදනා කරමින් මෙසේ මරාදමා ඇත.
උතුරු කොරියාව තුළ මෙවැනි සිද්ධි මීට පෙරද වාර්තාවී ඇති අතර තවමත් 32 හැවිරිදි වියේ පසුවන කොරියානු නායකයා තමන්ට විරුද්ධවන පුද්ගලයින්ට මිලේච්ඡ දඩුවම් ලබා දෙන්නෙකු ලෙස ජාත්‍යන්තරය හඳුන්වයි. ඔහු මීට පෙර ඔහුගේ මාමා කෙනෙකු මරා දැමීමට නියේග කළේය.
Loading...
No comments: