හැමදාම දකින්න නොලැබෙන දෙයක් අද කතරගම දේවාලය ඉදිරිපිට සිද්ධවෙලා
Loading...
මීට වසර 10,000කට විතර ඉස්සර සුරයින් සහ අසුරයින් අතර තිබ්බ යුද්ධය ලොව තිබුණු විශාලම යුද්ධය කියලයි ජනප්‍රවාදවල දැක්වෙන්නේ.
සුරයින් වන දෙවිවරුන් අසුරයින් අතින් පැරදුනු නිසා ඊශ්වර දෙවියන් කඳ කුමරුන් බිහිකර අසුරයින් පරාජය කළ බවයි දේව කතාවල දැක්වෙන්නේ. මේ හේතුවෙන් කතරගම දෙවියන් හේවත් මුරුගන්, සුබ්‍රමනියම්, කඳ කුමරුවන් වැනි නම් වලින් හඳුන්වන කතරගම දෙවියන් යුද්ධයට අධිපති දෙවියන් විදියටත් හඳුන්වනවා.
දුටුගැමුණු, එළාර යුද්දෙදි දුටුගැමුණු රජතුමා කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ඇතුව යුද්ධය ජය ගැනීම හේතුවෙන් අද අපි වන්දනා කරන කතරගම දේවාලය හදලා බාරය ඔප්පු කළා කියලයි කියවෙන්නේ.
අපේ රටේ සටන් ශිල්පීන්ද සටන පුහුණුවෙන් පස්සේ කතරගම පුද බිම වෙත ඇවිල්ලා දෙවියන්ගේ ආශීර්වාදය ලබා ගැනීම සිරිතක්. අංගම්පොර කියන්නේ අපේ රටටම අවේනික වුණු සුවිශේෂී සටන් කලාවක්. කැප්පෙටිපොළ නිලමේ ඇතුළු විරුවන් 1818 කැරැල්ලේදී ඉංග්‍රීසින් මවිත කරමින් මේ අංගම්පොර සටන් ක්‍රමයට පහරදුන්න බව ඉතිහාස කතාවල කියැවෙනවා.
Loading...
No comments: