වැලිකඩ ගිය දුමින්දට ලැබෙන පහසුකම්
Loading...
මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විශේෂ ආරක්ෂාවක් යටතේ වැලිකඩ බන්ධනාගාරයේ සී-3 වාට්ටුවේ රැඳවීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා. දෙමටගොඩ චමින්ද ඇතුළු අනෙකුත් චූදිතයන් සිව්දෙනාද එම වාට්ටුවේම වෙන වෙනම රඳවන බවයි වාර්තා වන්නේ.
වැලිකඩ බන්ධනාගාරයේ සී-3 වාට්ටුව මරණ දණ්ඩනය නියම වන චූදිතයන් රඳවා තැබිම සඳහා භාවිත කරන අතර එහි මේ වන විට චූදිතයන් හතළිස් දෙනකු පමණ රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා. වෙලේ සුදා ඇතුළු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ දරුණු ගණයේ අනෙකුත් අපරාධකරුවන්ද රඳවා සිටිනුයේ මෙම වාට්ටුවේය. ශාරීරික අවශ්‍යතා සඳහා වැසිකිළි, නාන ස්ථාන එම සිරමැදිරිවලම සමන්විතය.
මෙම වාට්ටු සංකීර්ණයේ වෙන් වෙන්ව සිරකුටි පිහිටා ඇති අතර ඇතැම් සිරකුටිවල සිරකරුවන් තිදෙනකු පමණ රඳවා ඇති බවයි පැවසෙන්නේ. දරුණුම ගණයේ අපරාධකරුවන් වෙනම සිරමැදිරිවල රඳවා ඇති අතර දුමින්ද සිල්වාද එලෙසම තනි සිරමැදිරියක රැඳවීමටටයි බන්ධනාගාර බලධාරීන් කටයුතු කර ඇත්තෙ.
මරණ දණ්ඩනය හිමි වූ සිරකරුවන් දිනකට විනාඩි තිහක පමණ කාලයක් ව්‍යායාම සඳහා සිරමැදිරිවලින් පිටතට ගැනීම සිදු කරනු ලබයි. මරණ දණ්ඩනය හිමි වූ චූදිතයකු බැලීම සඳහා අවස්ථාව ලැබෙන්නේ සතියකට එක් දවසක් පමණි.
Loading...
No comments: