Lanka Net Gossip

විමර්ශන අවසන්-බැසිල් වංචා සෙවීමේ කොමිසමට කැඳවයි

Loading...


හම්බන්තොට වරායේ කරදියවර මංගල්‍යයේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සිදුකරන විමර්ශන කටයුතු අවසන් කර තිබේ.

ඒ අනුව එහි විමර්ශන වාර්තාව සකස් කර එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිත බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා සහ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අද(23) දිනයේ ද කොමිසම වෙත පැමිණියේය.

මීට පෙර අවස්ථා කිහිපයකදීද ඔවුන් දෙදෙනා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණි.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද අද පස්වරු 2 ට බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට කැඳවා තිබේ.

ආර්ථික සංවර්ධන අමාත්‍ය ධූරය දරන සමයේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා යොදාගනිමින්  සිය පෞද්ගලික ගමන් සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් යෙදවූ බව කියන සිද්ධියකට අදාළව සිදුකරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඔහු කැඳවා ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
Loading...

No comments:

Powered by Blogger.