Lanka Net Gossip

ශ්‍රී ලංකා යුද හමුදාව අද(10) තම 67 වන යුද හමුදා දිනය සමරයි.

Loading...

අසමසම ජයග්‍රහණයන් සහ අභිමානයන් පෙරදැරි කොට ගත් ජාතියේ අභිමානය වූ ශ්‍රී ලංකා යුද හමුදාව අද(10) තම 67 වන යුද හමුදා දිනය සමරයි.
ක්‍රි:ව: 1949 දී 'ලංකා යුද හමුදාව' (සිලෝන් ආමි) ලෙස ස්ථාපිතව අනතුරුව ක්‍රි:ව: 1972 දී ජනරජයක් බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස වෙනස් වූ අප යුද හමුදාව මේ වන විට වසර 67 ක කාලයක් තුල අසමසම නොඇසුවිරූ වාර්තාවන් රැසක් තබමින් සමකාලින යුද හමුදා ඉතිහාසයේ සංධිස්ථානයකට පත්ව සිටි.
2009 වසරේ මැයි මස දරුණු ත්‍රස්තවාදය පරාජය කරමින් ලෝක ප්‍රකට තත්වයට පත් වූ යුද හමුදාවේ 25,000 කට අධික රණවිරුවන් පිරිසක් දේශය වෙනුවෙන් දිවි පිදූ අතර, යුද හමුදා සිවිල් කාර්ය මණ්ඩලයේ 123 ක් ද එහිදි දිවි පිදුහ. එමෙන්ම, දශක තුනක දීර්ඝකාලීන මෙම ගැටුමේ දී රණවිරුවන් 82,337 ක් හා සිවිල් කාර්ය මණ්ඩලයේ 38 ක් ද ආබාධිත තත්වයට පත් වුහ. මීට අමතරව යුද හමුදාවේ 3425 ක් වූ රණවිරුවන් පිරිසක් අතුරුදන් වූහ.
වඩාත්ම දරුණුතම ත්‍රස්තවාදය තුරන්කර සාමය නැවත ස්ථාපිත කළ ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය මුළුමහත් ලෝකය පුදුමයට පත් කරවන්නකි. එහිදි ලෝව පවතින සමකාලීන හමුදාවන් අතුරින් දේශයෙන් ත්‍රස්තවාදය මුලින් උපුටා දැමු ලොව එකම හමුදාව අප හමුදාව වේ.
යුද්ධයේ බලපෑමට ලක් වූ උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පමණක් නොව දිවයිනේ අස්සක් මුල්ලක් නෑර සිය ප්‍රජා සත්කාරක සේවාවන් සපයමින් රෙජිමේන්තු 24 ක සෙබලුන් නියෝජනය කරමින් දේශයේ සංවර්ධනයට උර දෙමින් යුද හමුදාව ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කරති.
මුලාශ්‍රය ශ්‍රී ලංකා යුද හමුදා නිල වෙබ් අඩවියෙනි.
Loading...

No comments:

Powered by Blogger.