Lanka Net Gossip

උතුර-දකුණ ගිනි තියන දේශපාළුවන් ගැන මල්වතු මහ නාහිමිගෙන් ප්‍රකාශයක්

Loading...

මහනුවර - කමල් සුරවීර
ඇතැම් දේශපාලනඥයන් රට ගැන නොසිතා උතුර, දකුණ ගිනි ගන්නා ආකාරයෙන් කටයුතු කිරීම දැඩි කනගාටුවට කරුණක් බව මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවැසූහ.
වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙරේදා (8දා) පෙරවරුවේ මල්වතු මහ විහාරය වෙත පැමිණ උන් වහන්සේ බැහැ දැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ නාහිමියෝ ඉහත සඳහන කළහ.
නාහිමි බැහැ දුටු අමාත්‍යවරයා උන්වහන්සේ හමුවේ ප්‍රකාශ කෙළේ වර්තමාන ජනාධිපති පිළිබඳව මෙන්ම රජය පිළිබඳවද මේ වන විට අන්තර්ජාතිකයෙන් ඉහළ පිළිගැනීමක් ඇති බවත් මේ තත්ත්වය හමුවේ ඉදිරි වසරේදී රට විශාල ප්‍රගතියක් ලබන බව තමාගේ විශ්වාසය බවත්ය.
මෙහිදී අදහස් පළ කළ මල්වතු මහ නාහිමියෝ, මේ වන විට අප රටට විදෙස් ආධාර ලැබෙන්නේ නම් එය වඩාත් යහපත් බව මා හිතනවා. රට විශාල නියඟයකට මුහුණ පා තිබෛනවා. රටේ ජනතාව ලක්ෂ 5ක් පමණ උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටිනවා. උද්ගතව ඇති ආර්ථික ගැටලු හා සංවර්ධන ගැටලු විස¼දා ගැනීමට ආධාර ලැබිය යුතු කාලයක් වශයෙන් අපි හිතනවා.
මිනිසුන් ඉවක් බවක් නොමැතිව වනාන්තර එළි පෙහෙළි කිරීමත් වනාන්තර ගිනි තැබීමත් ජල හිඟයට හේතුවක් වෙලා තිබෙනවා. ජනතාව කැලෑ ගිනි තියනවා. ඇතැම් දේශපාලනඥයන් රට ගැන නොසිතා උතුර දකුණ ගිනි තබනවා. මේ තත්ත්වය ඉතාමත් කනගාටුදායකයි යනුවෙන්ද සඳහන් කළහ.
දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඇමැතිවරයා අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ද බැහැ දැක ආශීර්වාද ලබා ගත්තේය.
අස්ගිරි නාහිමි හමුවේ අදහස් පළ කළ අමාත්‍යවරයා පවසා සිටියේ රටට අහිතකර ආකාරයේ ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරන බවට ඇතැමුන් කරන ප්‍රකාශයන්හි තේරුමක් නොමැති බවත් වර්තමාන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීමට පෙර අනිවාර්යයෙන්ම එම කෙටුම් පත මහ නායක හිමිවරුන්ට ඉදිරිපත් කොට උන්වහන්සේගේ අනුමතය ලබා ගැනීමට රජය පියවර ගන්නා බවත්ය.අස්ගිරි මහනාහිමි මෙහිදී ප්‍රකාශ කොට සිටියේ සෑම දෙයක්ම රටට සහ ජාතියට, ජනතාවට අවැඩක් නොවන ආකාරයෙන් සිදු විය යුතු බවය.
Loading...

No comments:

Powered by Blogger.