Lanka Net Gossip

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම ස්ථානය හිමිවූයේ ලකුණු 196ක් ලබා ගත් මාතර උෟරුගමුව මෙතෝදිස්ත කනිෂ්ඨ විද්‍යාලයේ සිතිජ නිරාන් ශිෂ්‍යයාටයි.

Loading...

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම ස්ථානය හිමිවූයේ ලකුණු 196ක් ලබා ගත් මාතර උෟරුගමුව මෙතෝදිස්ත කනිෂ්ඨ විද්‍යාලයේ සිතිජ නිරාන් ශිෂ්‍යයාටයි.
දෙවන ස්ථාන දෙකක් මෙවර ඇත්තේ සිසුවියක් හා සිසුවෙක් ලකුණු 195 බැගින් ලබා ගැනීම නිසායි.
194 බැගින් ලබාගත් සිසු සිසුවියන් 9 දෙනෙකු මෙවර සිටින අතර ඔවුන් සියල්ලන්ම තෙවැනි ස්ථානයට පත්ව තිබෙනවා.
පළමු ස්ථානය ලබා ගත් සිතිජ නිරාන් ශිෂ්‍යයාගේ පියා වීරකැටිය සමුපකාරයේ ගබඩා සහායක ලෙස  සේවය කරන අතර මව දරුවන්ගේ කටයුතුවලට මූලිකත්වය දී සිටින බවයි උෟරුගමුව මෙතෝදිස්ත කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරුන් සඳහන් කළේ.
පාසැලේ අධ්‍යාපන කටයුතු සඳහා නිසි අවදානය යොමු කළ සිතිජ නිරාන් ශිෂ්‍යයා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පැවැත්වූ ශිෂ්‍යත්ව වැඩසටහන්වල දීද කැපී පෙනෙන දක්ෂතා පෙන්නු බවයි වාර්තා වන්නේ.
කුලියාපිටිය අස්සැද්දුම සුභාරතී කනිෂ්ඨ විද්‍යාලයේ සිසුවියක හා සිසුවෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ දෙවැනි ස්ථානයක් හා තෙවැනි ස්ථානයක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.
ලකුණු 195ක් ලබාගත් රුවන්යා මෙත්මිණී ගුණසේකර සිසුවිය දිවයිනේ දෙවැනි ස්ථාන දෙකෙන් එක් ස්ථානයක් හා ලකුණු 194ක් ලබාගත් තේජන කවුසිත් විජේකෝන් තෙවැනි ස්ථාන 9න් එක් ස්ථානයකුත් හිමිකර ගැනීමට සමත් වුණා.
20161005_100239_resized
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම, දෙවැනි හා තෙවැනි ස්ථාන අතරින් එකදු ස්ථානයක් හෝ හිමිකර ගැනීමට කොළඹ, ගාල්ල, රත්නපුර හා මහනුවර යන ප්‍රධාන දිස්ත්‍රික්කවල කිසිදු ප්‍රධාන හෝ ජනප්‍රිය පාසලක් සමත්ව නොතිබීම විශේෂත්වයක් වනවා.
20161005_100239_resized
Loading...

No comments:

Powered by Blogger.