ස්ටිකරයක් එක්ක රු.20ට දෙන මත් පැකට් නිසා පාසල් සිසුන් සුන්…
Loading...
ස්ටිකරයක් එක්ක රු.20ට දෙන මත් පැකට් නිසා පාසල් සිසුන් සුන්…
හලාවත ප්‍රාථමික විදුහලක සිසුන් කිහිප දෙනකුම පාසල් වේලාවේදී පියවි සිහියෙන් තොරව සිටින අයුරු දුටු ගුරුවරයකු ඒ බව පාසලේ නියෝජ්‍ය විදුහල්පතිට දන්වා තිබෙනවා. පසුව සිදු කළ පරීක්‍ෂාවකදී කුඩා ස්ටිකරයක්ද සහිත මුද්‍රිත පොලිතින් පැකට්ටුවක් තිබී හමුවී ඇති අතර විදේශ රටක අකුරු මුද්‍රණය කර තිබී ඇත. එම කුඩා පැකැට්ටුවේ වර්ණවත් සීනි වැනි ද්‍රව්‍යයක් තිබී ඇති අතර පැණි රසයක් ඇති එම සීනි වැනි ද්‍රව්‍ය තොල ගෑ පසු මත් ගතියක් ඇති වන බවත් සොයාගෙන තිබෙනවා.
රුපියල් විස්සක් වැනි මිලකට නගරයේ ඇතැම් වෙළෙඳසල් මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරනු ලබන අතර මේ සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනවා.
මෙම මත්ද්‍රව්‍යට හලාවත ප්‍රදේශයේ පාසල් රැසක සිසුන් රැසක් ඇබ්බැහි වී ඇති බව වාර්තා වනවා…
Loading...

No comments: