Lanka Net Gossip

ජනාධිපති ඔබාමාගේ අවසන් රාජ්‍ය භෝජන සංග්‍රහය

Loading...

ජනාධිපති ධූරයෙන් සමුගැනීමට සූදානමින් සිටින ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා සහ බිරිය මිෂෙල් ඔබාමා ධවල මන්දිරයේදී අවසන් රාජ්‍ය භෝජන සංග්‍රහය පවත්වනු ලැබුවා.
ඔබාමා යුවළට එම භෝජන  සංග්‍රහය ඉතා හැඟීම් බර එකක් වූ බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඔබාමා යුවළගේ ආරාධනාව පරිදි සියයකට වැඩි අමුත්තෝ පිරිසක් භෝජන සංග්‍රහයට සහභාගී වී තිබෙනවා.
ඔවුන් අතර නළු නිළියන් සහ ඇමෙරිකන් ගායක ගායිකාවෝ ද සිටි බවයි පැවසෙන්නේ.
ඔබාමා යුවළගේ ආරාධනාව ලැබ භෝජන සංග්‍රහයට සහභාගී වුණු සම්මානනීය ඇමෙරිකා ගායිකා ග්වෙන් ස්ටෙෆානි ගීත කිහිපයක් ද ගායනා කර ඇති අතර විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ඉතාලි අගමැති මැටියෝ රෙන්සි සහ බිරිය ඇග්නීස්න් ලැන්ඩීනි මෙම අවස්ථාවට එක්ව සිටියා.
Loading...

No comments:

Powered by Blogger.