Lanka Net Gossip

මිහින් ලංකා ගුවන් සමාගමේ සියලු මෙහෙයුම් කටයුතු මේ මස 30වන දින සිට නතර කිරීමට තීරණය කර තිබේ.

Loading...



මිහින් ලංකා ගුවන් සමාගමේ සියලු මෙහෙයුම් කටයුතු මේ මස 30වන දින සිට නතර කිරීමට තීරණය කර තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මිහින් ලංකා ගුවන් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන සියලු ගුවන් ගමන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් සිදුකිරීමට නියමිත බවයි.

මිහින් ලංකා ගුවන් සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඒකාබද්ධව මේ වන විට මෙහෙයුම් කටයුතු සිදුකරන අතර මේ මස 30 වන දිනෙන් පසු මිහින් ලංකා ගුවන් සමාගම එම මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වීමට නියමිතය.

මිහින් ලංකා ගුවන් සමාගම සතුව ගුවන් යානා දෙකක් ඇති අතර එම ගුවන් යානා ද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පැවරීමට කටයුතු කරනු ඇත.

එම ගුවන් සේවය දෛනිකව විශාල පාඩුවක් ලබන බව ආණ්ඩුවේ මැති ඇමතිවරු පසුගිය කාලයේදී දිගින් දිගටම ප්‍රකාශ කර තිබිණ.

Loading...

No comments:

Powered by Blogger.