ඔහිය - හොර්ටන්තැන්න ලෝකාන්තය වන රක්ෂිතය දෙසට මේ වන විට පැතිර යන ගිනි ගැනිමක් නිසා වතු රක්ෂිත වල හා වන රක්ෂිතයේ අක්කර 50ක් පමණ විනාශයට පත් වෙම්න් තිබේ.
Loading...
උඩෙවිරිය වතු රක්ෂිතයකින් මුලින්ම ආරම්භ වු මෙම ගින්න පසුව මෙල්බන් තේ වතු රක්ෂිතය හරහා ඔහිය වන රක්ෂිතයට පැතිර ගිය අතර ඒ දක්වාම ගින්න මැඩ පැවැත්විමට කිසිවෙකු මැදිහත් නොවිම නිසා ප්‍රදේශවාසින් දැඩි උත්සහයක් ගත්තද එය නිෂ්ථල ව තිබ්න.
එයට හේතු වි තිබුනේ බදුල්ල නගරවාසින් මහත් පීඩාවකට පත්කරම්න් දින ගනනක් ඇවිලෙම්න් තිබු වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය අසල කුණු කන්දේ ගින්න නිවිමට සියලු අංහවල අවධානය යොමු කර තිබු නිසාය. එසේම වැලිමඩ හා කැප්පෙට්පොල සිට බොරලන්ද හරහා හොර්ටන් තැන්න ලොකාන්තය නැරඹීම සදහා යන දෙස් - විදෙස් සංචාරකයින් එම මාර්ගයට ගින්නට හසුව ගිනියම් වු ගල් පෙරලීම නිසා මහත් අපහසුතාවයකට පත්ව තිබු අතර මෙම ගින්න මැඩ පවත්වන තුරු එම මාර්ගයෙන් හොර්ටන් තැනනට යාම අනතුරුදායකව පවති.
කෙසේ වුවද රාත්‍රීය පුරා මෙම ගිනි ගැනිම පැතිර ගියහොත් ලොකාන්තය දක්වාම රක්ෂිත වනය අක්කර 200 ක් පමණ විනාශවිමේ ඉඩ කඩක් ඇති බව ඔහිය ගම් වාසිහු කියා සිට්ති.
Loading...
No comments: