දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා ලක්ෂ 6කට උග්‍ර පානීය ජල හිඟයක්
Loading...
පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර, කුරුණෑගල, පුත්තලම, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, රත්නපුරය, කෑගල්ල, මොණරාගල, මාතලේ, හම්බන්තොට, ගාල්ල, මහනුවර, ගම්පහ, කළුතර හා මාතර යන දිස්ත්‍රික්කවලට මෙලෙස මෙම නියං තත්ත්වය බලපා ඇත.
එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත අනුව වගා කටයුතු සඳහා ජලාශවල 33ක ජල පරිමාවක් තවදුරටත් ඉතිරිව පවතින බවත්, ඒ හේතුවෙන් වගා කටයුතු සඳහා මෙමගින් බලපෑමක් එල්ල නොවනු ඇති බවත් ඒ මහතා කීය.
කෙසේ වෙතත් මේ වනවිට නියඟයෙන් පීඩා විඳින ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 25ක මුදලක් රජය ලබා දී ඇත. පානීය ජය හිඟය උග්‍ර ප්‍රදේශවලට නිරන්තරයෙන් ජලය බෙදා හරින බවත් ඒ සඳහා ජල බවුසර 200ක් පමණ යොදාගෙන ඇති බවත් කොඩිප්පිලි මහතා පැවැසීය. ජල හිඟය පවතින ප්‍රදේශවල මේ වනවිට ජල ටැංකි 1600 පමණ ස්ථාපිත කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය නිමා කරමින් අදින් (14) පසුව වර්ෂාව තරමක් ලැබිය හැකි බවයි. ඒ අනුව තවත් දින කිහිපයකින් අන්තර් වැසි මෝසම ආරම්භ විය හැකි බවත් ඉන්පසු දිවයින පුරාම වැසි ඇතිවනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ගයාත්‍රී ගීගනආරච්චි
Loading...

No comments: