Lanka Net Gossip

පුරුෂයෙක්ව සිට ගැහැණියක් වූ සකුණි නම් වූ ලාංකිකයෙකුගේ අනුවේදනීය කතාවක් එලියට - වීඩියෝ

Loading...

ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට පොලිසිය නිකරුණේ තාඩන පීඩන සිදු කරන බව සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් පවසන්නීය.
පොලිසියේ හිරිහැර නිසා තමන්ට පදිංචි ස්ථාන පවා වෙනස් කරන්නට සිදු වූ බව සංක්‍රාන්ති ලිංගික කාන්තාවක වන සකුණි මායාදුන්න පැවසුවාය.
'දවල් වෙලාවක මාව නිකං අත්අඩංගුවට ගත්ත. මගේ ෆෝන් එක ඔෆ් කරලා දාල රෑ දහය වෙනකල් පොලිසිය ඇතුළේ තියා ගත්ත. දහයෙන් පස්සේ තමයි ලියන්න පටන් ගත්තේ. රෑ දහයෙන් පස්සේ ලිව්වම තමයි රෑ අයාලේ ගියා කියල දාන්න පුළුවන්. පොලිසියේ නඩු නැත්තන් නිකං අපිව අරන් යන වෙලාවල් තියෙනවා.'
'මම අඬල කිව්වා මාව පිරිමි ඉන්න කූඩුවට දාන්න එපා කියල. උසාවියට ගෙනිහිල්ලත් මාව දැම්මේ පිරිමි සීයක් විතර ඉන්න කූඩුවට.' සකුණි විස්තර කළාය.
පිරිමින් සමඟ රැඳවුම් කුටිය තුළ සිටිය දී තමන්ට බොහෝ හිරිහැර විඳින්නට සිදු වූ බවද ඇය පැවසුවාය.
තමාගේ ජීවිතයේ දුක්බර ම දෙය කුමක්දැයි විමසූ විට ඇය කියා සිටියේ 'පාසැලින් කොන් වීම' හේතුවෙන් තමන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි වීම ගැන අදටත් වේදනා විඳින බවය.
තමන් සමාජයෙන් විඳි දුක් වේදනා අනාගත සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට අත් නොවේවා කියා සකුණි මායාදුන්න ප්‍රාර්ථනා කරන්නීය.
ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් ඇය කළ ආයාචනය සහිත සම්පූර්ණ සාකච්ඡාවට පහතින් සවන් දිය හැකිය.
Loading...

No comments:

Powered by Blogger.