Lanka Net Gossip

අම්මේ නුඹේ ගුණ කීමට මටනම් බැහැ නිම්මා.. සම්මා සම්බුදු සරණයි ! මා වැදූ මගෙ අම්මා.. මෙන්න අපි හැමෝම හැදු වැඩු අම්මගෙ ගුන ගායන අපුරු විරිදුවක් මෙක අහුවොත් නම් ඇසට කදුලක් එනවාමයි. බලන්නකො කොහොමද කියලා

Loading...

සම්මා සම්බුදු සේමයි මා වැඩු මගෙ අම්මා..
නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා..
අම්මේ නුඹේ ගුණ කීමට මටනම් බැහැ නිම්මා..
සම්මා සම්බුදු සරණයි ! මා වැදූ මගෙ අම්මා..

පෙම්වා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා...
වම්වා කඳුළැල් ඉස ඉස හැදුවයි මගෙ අම්මා..
අම්මා අපිව හැදුව නිසා මේ වැඩ කර නෙම්මා...
සම්මා සම්බුදු සරණයි ! මා වැදු මගෙ අම්මා...

ටික ටික වතුර අරගෙන පොල් කටුවකට..
නාවපු අයුරු මතකයි ඇගේ උකුල මත..
අම්මේ ඔබේ පා පියුමන් සිඹිනකොට..
වැටෙනවා කඳුළු මගෙ දෑසින් ඔබෙ නමට..

උයලා බත බිමට බෑ සැටි එම වාගේ..
බෙදලා පිඟානට දෙන රන් තැටිය මගේ...
වෙනදා වගේ නොවෙයි අම්මේ බත රාස්නේ...
කියපු ගමන් මට කැව්වා අම්මා මගේ...

ලේ ටික කිරට හරවා මා හට පෙව්ව...
දිව රෑ නොබලා මා වෙනුවෙන් වෙහෙසෙව්ව...
මැදියම් රැයේ, දෝතට ගෙන නලවව්ව...
අම්මේ, ඔබයි කප්රුක මගෙ සැමදාම...

ඇසට නින්ද නැතිව නොවේලු මා හැදුවේ අම්මා...
කුසට අහර ඇතිව නොවේලු මා වැදුවේ අම්මා...
කයට නියම සැප නොගෙනලු මා වැදුවේ අම්මා..
බුදුන් දැක නිවන් දකිමැයි ආදර මගෙ අම්මා..

ගියා ඈත පිටිසර ගම්වලට පියා..
සොයා ගෙනත් මිළ මුදලුත් දුන්න පියා
මේ ආකාර සැපතක් මට දුන්න පියා..
සම්මාසම්බුදු සරණයි ! මාගේ පියා..

අල්ලා සෙමින් සුරතල් වුනු මාගේ අත..
මිදුල වටේ සෙල්ලම් කරනවා ඇත..
සිහිවන විටදී පියතුම ඔබෙ පුරුදු අත..
වාවාගන්නේ කොහොමද මගෙ බොළඳ සිත.
Loading...

No comments:

Powered by Blogger.