Lanka Net Gossip

අධිවේගයේ දී ඇතෙකු බස් රථයක ගැටුණු බිහිසුණු අනතුර : සංවේදී දසුන් සහිතයි

Loading...


අධිවේගී මාර්ගයක දී අලි පැටවෙකු බස් රථයක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.  මෙම අනතුරින් අලි පැටවා එම ස්ථානයේ දීම මියයන අතර බස් රථයේ රියදුරාට ද බරපතල තුවාල සිදුවෙනවා. Bus Accident

අදාළ අලි පැටවා අධිවේගී මාර්ගය හරහා ගමන් කරනු දැක මෝටර් රථයක් මාර්ගයේ පසෙකට කර නවත්වන අතර එම මෝටර් රථයේ සිටින්නෙකු සිය ජංගම දුරකතනයෙන් අලිපැටවාව වීඩියෝ ගත කරන්නේ ඊළඟ තත්ත්පරයේ දී සිදුවන විනාශය පිළිබඳ හෝඩුවාවක් හෝ නොදැන යි.
එසැණින් වේගයෙන් පැමිණෙන බස් රථය සැණෙකින් අලි පැටවාගේ ගැටෙන අතර එය නතරවන්නේ අලිපැටවාත් රැගෙන බොහෝ දුර ගිය පසුව යි.
බස් රථයේ රියදුරා මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා සිටියත් ඔහු රෝහල් ගත කිරීමට බොහෝ වේලාවක් ගතවන්නේ මෙම ගැටීමත් සමග ඔහු බස් රථයේ කොටස් තුළ සිරව සිටීම නිසා යි.
මෙම බිහිසුණු අනතුර තායිලන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූවක්වන අතර අදාළ අලි පැටවා එරට සත්ත්ව සුභසාධන ආයතනයක් භාරයේ සිටි සත්ත්වයෙකු බව යි පැවසෙන්නේ.
Loading...

No comments:

Powered by Blogger.