පෙම්වතියට පාසල් නිල ඇඳුම ඇඳගෙන හමුවෙන්න බෑ කිව්වාට පෙම්වතකුගෙන් හිතුවක්කාර තීන්දුවක්
Loading...
සිය පෙම්වතියට පාසල් නිලඇඳුමින් සැරැසී තමන් හමුවීමට පැමිණිය
නොහැකි යැයි
දුරකතනයෙන් දැනුම් දීම නිසා කනස්සල්ලට පත් තරුණයෙක් පෙරේදා (19දා) සිය නිවෙසේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි දැදිගම පොලිසිය කියයි.
මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ නෙළුම්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ගෙල වැලලාගෙන මියගොස් ඇති තරුණයාගේ පියා කලකට පෙර මියගොස් ඇත. මිය ගොස් ඇති මේ තරුණයා වැඩිමහල් සහෝදරයාගේ නිවෙසේ සිට උෟරාපොළ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කරන අතර මව පමණක් මහගෙදර නිවෙසේ පදිංචිව සිට ඇත.
මවද ඉකුත් 16දා පිළියන්දල පදිංචිව සිටින සිය දියණියගේ නිවෙසේ පැවැති දානමය පින්කමකට සහභාගි වීමට ගොස් ඇත.
මියගොස් ඇති තරුණයා පෙරේදා (19දා) රැකියාවට නොගොස් පෙරවරුවේ සිය පාසල් වයසේ වියේ පෙම්වතියට දුරකතනයෙන් ප්‍රකාශ කර ඇත්තේ තමා හමුවීමට පැමිණෙන ලෙසයි. පසුව පාසල් පෙම්වතිය ප්‍රකාශ කර ඇත්තේ පාසල් නිල ඇඳුමින් ඔහු හමුවීමට පැමිණිය නොහැකි බවත් එලෙස පැමිණීමට නොහැකි වීම පිළිබඳ තේරුම් ගන්නා ලෙසත්ය. පසුව මේ තරුණයා නිවෙසට පැමිණ වසා තිබූ නිවෙසේ පිටුපස ෙදාර විවෘත කර මවගේ සාරි පොටකින් කුස්සියේ ගෙල වැලලාගෙන මියගොස් ඇත.
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (20දා) කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය නිසංසලා ජයවීර මහත්මිය විසින් සිදු කරනු ලැබූ අතර ගෙල වැලලාගෙන සිදුකරගත් හදිසි මරණයක් බවට නෙළුම්දෙණිය හදිසි මරණ පරීක්ෂක නන්දසේන වික්‍රමආරච්චි මහතා නිගමනය කළේය. දැදිගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමනසේකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් ගුණදාස (24741) සාක්ෂි මෙහෙයවීය.

No comments: