Lanka Net Gossip

නොච්චියාගම පොලීසියට පැමිණිල්ලක් දාන්න ආපු අමුත්තාට වුනු වැඩේ බලන්නකො

Loading...

සාමාන්‍යයෙන් පොලීසියට පැමිණිල්ලක් දාන්න එන්න මිනිස්සුනේ.
ඒත් අද  නොච්චියාගම පොලීසියට අමුත්තෙක් ඇවිත් හිටියා.
මෙයා කිඹුලෙක්.
මේ කිඹුලව පොලිස් ස්ථානයෙන් එලවා ගන්න නිලධාරීන් හුගක් උත්සාහ කළා.
ඒත් මෙයා එතැනින් ගියේම නැහැලු. අන්තිමේදි මෙයා ගිහිල්ලා තියෙන්නේ නොච්චියාගම පොලීසියේ පොලිස් අපරාධ අංශයට.
කිඹුලාව මෙල්ල කරගන්න බැරිවුනු පොලිස් නිලධාරීන් මේ ගැන විල්පත්තු වනජීවී කාර්යාලයට දන්වලා.
වනජීවී නිලධාරීන් ඇවිත් දැඩි පරිශ්‍රමයක් යොදවලා තමයි මේ දැවැන්ත කිඹුලව අල්ලගෙන තියෙන්නේ.
ඊට පස්සෙ මෙයාව විල්පත්තුව රක්ෂිතයේ වැවකට මුදා හැරලා තියෙනවා.
Loading...

No comments:

Powered by Blogger.