Lanka Net Gossip

වගා ළිඳකට වැටි සිටි අලි පැටවෙකු බේරා ගත් අවස්ථාව (වීඩියෝ)

Loading...

හබරණ රත්මල්කන්ද යාය ප‍්‍රදේශයේ වගා ළිඳකට වැටි සිටි අලි පැටවෙකු ගොඩ ගැනීමේදී නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. ඒ පැටවාගේ මව් ඇතින්න වගා ළිඳ අසළ සිට කලබල කිරීමත් සමගයි.
හබරණ රත්මල්කන්දයාය ප‍්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලි පැටවෙකු ගොඩ ගැනීමට රිටිගල වන නිලධාරින් ඊයේ පස්වරුවේ මෙහෙයුමක් ආරම්භ කළා.එහෙත් මෙහෙයුම කරගෙන යාමට නොහැකි වුණේ අලි පැටවාගේ මව් ඇතින්න එම ස්ථානයට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමගයි.
මේ නිසා මව් ඇතින්න වනයට පලවා හැරීමට වන නිලධාරින් පියවර ගත්තා.
පලවාහරින අවස්ථාවේ ඇතින්න අසළ තිබූ මාධ්‍යවේදියෙකුගේ යතුරුපැදියකට ද පහර දී තිබෙනවා. කෙසේ වෙතත් ඇතින්න පලවා හැරීමෙන් අනතුරුව අලි පැටවා ගොඩගැනීමේ මෙහෙයුම ආරම්භ වුණා.
අනතුරුව අලියා මෙලෙස පලවා හැරුණේ රිටිගල රක්ෂිතයටයි.
Loading...

No comments:

Powered by Blogger.