පෑනේ මිතුරිය සමග ප්‍රේමයට පෙර ‘පිරිසිදු වෙන්න ගිය සැරයන්’ ගම පුරා රෙදි නැතිව දිව්ව හැටි
Loading...
පෑනේ මිතුරන් හඳුනා ගැනීම සඳහා කාන්තාවක් පළ කළ පුවත්පත් දැන්වීමක් නිසා නිරුවතින් ගම පුරා දිව ගිය සැරයන්වරයෙකු පිළිබඳව රාජාංගණය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පුවත්පතක පළ කරන ලද පෑනේ මිතුරන් සොයා ගැනීමේ දැන්වීමේ සඳහන් දුරකතන අංකයට මාතලේ අලුවිහාර ප්‍රදේශයේ පදිංචි මෙම විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයා කතා කොට සැකකාරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
පසුව දෙදෙනා කතාකරගත් පරිදි අනුරාධපුරයේදී පසුගියදා හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ටික වේලාවක් කතාබස් කර සැරයන්වරයා විසින් කාන්තාවට කාමරයක් කුලියට ගෙන එහිදී පෙම් කිරීමට ආරාධනා කර ඇති අතර කාන්තාව කාමරයට වැය වන මුදල තමන්ට ලබාදෙන ලෙසත් හෝටල් කාමරයට වඩා තමන්ගේ රාජාංගණයේ නිවෙසේ කාමරයක පෙම් කිරීම ආරක්ෂා සහිත බවත් සඳහන් කර තිබෙනවා.
පසුව තම ප්‍රේමවන්තියගේ ඉල්ලීමට එකඟ වී රාජාංගණයේ ඇයගේ නිවෙසට පැමිණ ඔහුට ඇය කියා ඇත්තේ පිරිසුදු වී පැමිණෙන ලෙසයි.
ඒ අනුව ඔහු දිය නාගෙන පැමිණෙන විට ඔහු සතුව තිබූ මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන ඇයගේ අනියම් සැමියා සමඟ එක්වී පහරදී පොලිසියට භාරදෙන බව පවසා බිය ගන්වා ඇති බවයි පැවසෙන්නේ.
පසුව ඔහු නිරුවතින් අසල නිවෙසකට දිවයෑමේදී එම නිවෙසේ අය බිය වී සැරයන්වරයාව අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.
ඒ අනුව සැකකාරිය හා ඇගේ සැමියා රාජාංගණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර කලක පටන් මෙම අඹු සැමි යුවළ මුදල් උපයා ගැනීම සඳහා මේ ජාවාරම සිදුකර ඇතැයි මේ වන විට හෙළිවී ඇති බවයි වාර්තා වන්නේ.
Loading...

No comments: