පහේ හොඳම ප්‍රතිඵල කුලියාපිටියෙන් - දිස්ත්‍රීක් කඩඉම් ලකුණු මෙන්න
Loading...
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු තැන හිමිකර ගැනීමට කුලියාපිටිය, ඇස්සැද්දුම සුභාරති විදුහලේ රුවන්යා මෙත්මි ගුණසේකර සිසුවිය සමත්ව තිබේ.
ඇය ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 195කි.
මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වයේ දිස්ත්‍රීක් පදනම මත කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ.
ඒ අනූව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු 159ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
හම්බන්තොට, පුත්තලම, රත්නපුර යන දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු 156ක් වන අතර අනුරාධපුර පොළොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්ක තුනෙහි කඩඉම් ලකුණු වන්නේ 154ක් බව සඳහන්ය.
බදුල්ල දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු 153ක් වන අතර හා මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු 152ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 151කි.
වව්නියාව දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු වන්නේ 142ක් වන අතර එය අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
පහත දැක්වෙන්නේ 2016 අගෝස්තු මස 21දා පැවැති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රීක්කවල සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණුය.
Loading...

No comments: