Lanka Net Gossip

පිස්සෙක් වගේ බයික් වලට ආදරේ කරලා, ඒ බයික් එක නිසාම අවසන් හුස්ම හෙලූ කේසරගේ කදුළු කතාව -

Loading...

කුලියාපිටිය වැවගම දීයාවල ප්‍රදේශයේදී පෙරේදා (11) සවස සිදුවූ ලොරි - යතුරුපැදි ගැටුමෙන් යතුරුපැදියේ ගමන්ගත් වයස අවුරුදු 17 ක පාසල් සිසුවා ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර අනතුර සිදුකොට පලාගිය ලොරියේ රියෑදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරෙන් මියගොස්‌ ඇත්තේ පහළ දියදොර වැවගම ප්‍රදේශයේ පදිංචි කේසර හිරන්ත (17) නැමති කුලියාපිටිය සාරානාත් විදුහලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු වූ අතර අනතුර සිදුකොට පලාගොස්‌ ඇත්තේ නාරම්මල දඹගිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සිදුවූ අවස්‌ථාවේ රියෑදුරු තම බිරිඳ හා දරුවාද කැටුව ගොස්‌ සිටි බව ප්‍රදේශවාසීහු පවසති.
අවශ්‍යතාවයකට දීයාවල ප්‍රදේශයට ගොස්‌ ඇති අදාළ සිසුවා දීයාවල සිට ලබුයාය පෙදෙසට පැමිණි ලොරි රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර මාර්ගයේ පැදිකරුගේ මංතීරුවට ආසන්නයෙන් ලොරි රථයේ දකුණු මුහුණතේ යතුරුපැදිය ගැටී තිබූ බව මූලික පරීක්‍ෂණවලින් හෙළිවූ බව පොලිසිය පවසයි.
නාරම්මල හොරොම්බාව ප්‍රදේශයේ තරුණ පිරිසක්‌ද ලොරිය හඹාගොස්‌ ඇති අතර නාරම්මල පොලිසියේද සහය මත රියෑදුරා අත්අඩංගුවට ගෙන කුලියාපිටිය පොලිසියට යොමුකොට ඇත. සැකකාර රියෑදුරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කුලියාපිටිය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස්‌ මත රථවාහන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක රත්නායක, පොලිස්‌ සැරයන් අජිත් (31171), පොලිස්‌ කොස්‌තාපල් නවරත්න (72424) යන නිලධාරීහු පරීක්‍ෂණ කටයුතු මෙහෙයවයි.
Loading...

No comments:

Powered by Blogger.