පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලි බල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි
Loading...
පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලි බල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.කෘෂිකාර්මික කටයුතු සඳහාත්, පරිසරයේ අවශ්‍යතා සඳහාත් ජලාශවල ඇති ජලය මුදා හැරිය යුතුව ඇති හෙයින් ජලාශවල ඇති ජලය සම්පූර්ණයෙන් විදුලි බලය නිපදවීමට යොදා ගැනීමේ හැකියාවක් නැතැයි විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.ෙදෙනික විදුලි පරිභෝජනයෙන් සියයට 15ක් ජල විදුලිය හරහා ලබා දෙන බැවින් තවදුරටත් වියළි කාලගුණ තත්ත්වය පැවතීම විදුලි උත්පාදනයට බාධාවක් බව ද ඒ මහතා සඳහන් කළේය.
අන්තර්මෝසම් වැසි සක්‍රීය වීමත් සමග ඉදිරියේදී මෙම තත්ත්වය පහව යනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පවතින වියළි කාලගුණික තත්ත්වය හා ජල පරිභෝජනය සියයට 15න් ඉහළ යාම හේතුවෙන් දවසේ ජල සැපයුම පැය 18ට සීමා කෙරෙන බව ජලාපවාහන මණ්ඩලය පවසයි. මේ නිසා අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙස ද ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රන්මලී සෝමසිරි
Loading...
No comments: