චීනයේ පැවැත්වූ විශ්ව රූ රැජින තරගයට මෙරට ශ්‍රී ලංකා විවාහක විශ්ව රූ රැජින කිරුළ දිනූ උදාරිට සහභාගි වෙන්න ලැබුණේ නෑ
Loading...
උදාරිට වෙච්ච දේ
පසුගියදා චීනයේ පැවැත්වූ විශ්ව රූ රැජින තරගයට මෙරට ශ්‍රී ලංකා විවාහක විශ්ව රූ රැජින කිරුළ දිනූ උදාරිට සහභාගි වෙන්න ලැබුණේ නෑ. වීසා ගැටලුවක් නිසා ඒ තරගයට සහභාගි වෙන්න බැරි වුණා කියලයි ඇය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ. නමුත් තව පිරිසක් චෝදනා කරනවා සංවිධායකවරුන්ගේ තිබුණු යම් යම් ගැටලු නිසා ඇයට මේ තරගයට සහභාගි වෙන්න බැරි වුණා කියලා. ජාත්‍යන්තර තරගයක් නියෝජනය කිරීමේ අවස්ථාව අප රටේ තරගකාරියකට හිමි වුණොත් කවර හෝ හේතුවක් මත ඒ අවස්ථාව මග හැරී ගියා. ඇත්තෙන්ම ඒක ඇගේ පමණක් නොවෙයි රටෙත් ප්‍රශ්නයක්. ඒ හින්දා මේ සිද්ධියේ සුලමුල හොයන්න අපි හිතුවා. මේ ගැන අපි මුලින්ම උදාරිගෙන් විමසුවා.
අපේ තරගය ඉවර වෙලා දවස් නවයක් වගේ පොඩි කාලයයි තිබ්බේ ජාත්‍යන්තර තරගයට ලෑස්ති වෙන්න. මේ දවස් කිහිපය ඇතුළත තමයි මගේ ඇඳුම් පැළඳුම් වගේම තරගෙට අවශ්‍ය හැම දෙයක්ම ලෑස්ති කරගන්න තිබුණේ. දවස් නවයක් ඇතුළත චීනයට වීසා ගන්නත් අමාරු වුණා. ඒ වගේම සංවිධායකට මේ තරගයට මාව සහභාගි කරවන්න මූල්‍ය ප්‍රශ්නයක් තිබුණ නිසා ඒ වියදම මට දරාගන්න කීවා. තරගය ජයග්‍රහණය කළ අවස්ථාවේ මට දුන්න ලක්ෂ පහේ චෙක් එකේ මුදල ඒ සඳහා වියදම් කරන්න කියලා මම ඔහුට කීවා. ඒ මුදල් ඔහුට තරගයට වියදම් වෙලා තිබුණේ, අන්තිමට මට ලැබුණු ත්‍යාග මුදලවත් ලැබුණේ නෑ. එහෙම වුණා කියලා ඒ සල්ලි දෙන්න කියලා කරදර කරන්න ගියෙත් නෑ. සංවිධායකවරයා මගෙන් සල්ලි ඉල්ලුවේ නෑ. ඔහු කීවේ මගේ වියදමින් මේ තරගෙට සහභාගි වෙන්න කියලා. මේ තරගයට සහභාගි වෙන්න නොලැබුණු එකට දුකක් නෑ. හැබැයි ලංකාව නියෝජනය කරන්න බැරි වීම ගැන අපරාදෙ කියලා හිතෙනවා. ඒ සංවිධායකවරයා හරියාකාරව තරගය සංවිධානය කළා නම් මෙවැනි ගැටලුවක් ඇතිවෙන්නේ නෑ. ඔහු සංවිධානය කරපු පළමු තරගය මේ. ඕනම කෙනෙක්ගෙන් වැරදි අඩුපාඩුකම් වෙනවා. ඒ නිසා ඔහුට මඩ ගහන්න මට කිසි වුවමනාවක් නෑ. අනිත් අය වගේ මම කැමති නෑ ඔහුට චෝදනා කර කර කෑ ගහලා මගේ තත්ත්වය නැති කර ගන්න විදියට හැසිරෙන්න.
ශ්‍රී ලංකා විවාහ රූ රැජින තරගය සංවිධානය කළේ මලිත් රණසිංහයි. මේ වන විට ඔහුට විවිධ චෝදනා එල්ල වෙනවා. මේ චෝදනාවල ඇත්ත නැත්ත දැන ගන්න අපි මලිත්ට කතා කළා.
මේ තරගය මම හරියට සංවිධානය කළා. ක්ෂේත්රයේ ඉන්න සියලු දෙනා මට කතා කරලා සුබ පැතුවා හරි කෙනාට කිරුළ දුන්නා කියලා ජයග්‍රහණය නොලැබුණු කෙනෙක් තමයි මට විවිධ මඩ ප්‍රචාර කළේ. මම පළමු වතාවටයි මෙම තරගය සංවිධානය කළේ. මුලින්ම මේ තරගය සඳහා අනුග්රාහකයෝ ලබාගැනීමේ ගැටලුවක් තිබුණා. ඒ නිසා තමයි ජාත්‍යන්තර තරගයට දින 10ක් තියලා තරගය පවත්වන්න තීරණය කළේ. ගොඩක් අය චෝදනා කරලා තිබ්බා මට මේ තරගයට සුදුසුකම් නෑ කියලා. මම පැෂන් ෂෝ සංවිධානය කරලා තියෙනවා. මට සම්මුඛ පරීක්ෂණ කිහිපයක් තිබුණා. මට මේ ලයිසන් එක ලැබුණා. තරගකාරියන්ගෙන් මුදල් ගන්නවා කියලත් මට චෝදනාවක් තිබ්බා. තරගයේ ඉන්න හැමෝටම හැමදේම දුන්නේ නොමිලේ. අනික මම කාටවත් විශේෂයක් කළේ නෑ. අනිත් අයට වඩා උදාරි ජනප්‍රියයි. මම ලිංගික අල්ලස් ගත්තා කියලත් මේ තරගය පැරදුණු කෙනා චෝදනා කරලා තියෙනවා. ඒ වගේ දෙයක් වුණා නම් ඔය කෙනාට පොලීසිය දැනුවත් කරන්න තිබ්බනේ. මේ තරගය සීයට සීයක් සාර්ථකයි. මොකද මේ තරගය සාර්ථක නොවුණා නම් මේ තරම් කතා කරන්නේ නෑ.
තිළිණි කරුණාරත්න

ඡායාරූපය - ජානක කඳනආරච්චි
Loading...
No comments: