Lanka Net Gossip

කිම් කර්ඩාෂියන්ට තුවක්කු පෙන්නලා කෝටි ගණනක ආභරණ ගෙනිහින්

Loading...


Image result for kim kardashian robberyImage result for kim kardashian robberyImage result for kim kardashian robbery
පොලිස් නිලධාරීන් ආකාරයට සැරැසී පැමිණි දෙදෙනකු රියැලිටි රූපවාහිනි තරුවක් වන කිම් කර්ඩාෂියන්ගේ පැරිසියේ පිහිටි නිවෙසට ඇතුළු වී ගිනි අවි පෙන්වා ඩොලර් මිලියන ගණනක් සොරකම් කොට තිබේ.
ස්වර්ණාභරණ වැඩි ප්‍රමාණයක් අයත් වූ මෙසේ රැගෙන ගිය භාණ්ඩවල වටිනාකම යුරෝ මිලියන කිහිපයක් යැයි පොලිසිය පවසයි. සොරකම සිදුවී ඇත්තේ එරට වේලාවෙන් උදෑසන 3:00ට පමණය.
කර්ඩාෂියන්ගේ ප්‍රකාශකයකු පැවැසුවේ මේ සිද්ධියෙන් ඇයට භෞතික වශයෙන් හානියක් සිදුවී නැතත් මානසික වශයෙන් දැඩි කම්පනයකට පත්වී සිටින බවයි.
මෙම හොරකමට පස්දෙනකු පමණ සහභාගි වී ඇතැයි පැවැසෙන අතර එය සිදුවී ඇත්තේ හෝටලයක නොව ඇයගේ අධි සුඛෝපභෝගී නිවෙසේදීමය.
Loading...

No comments:

Powered by Blogger.