මොරගහහේන උණුසුම් වෙයි චම්පිකට කලින් විදුර නව බස්නැවතුම්පොළ විවෘත කරයි
Loading...
මොරගහහේන නව බස්නැවතුම්පොළ විවෘත කිරීම අද(13) පෙරවරු 9.30ට මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබියදී පෙරවරු 8.15ට පමණ පිරිසක් සමග එහි ගිය මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පීත්ත පටියක් කපා එය විවෘත කළේය.
එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ වික්‍රමනායක මහතා කීවේ ‘මොරගහහේන මගේ ගම, එක එක්කෙනාට ඇවිත් චණ්ඩි පාට් දාන්න බෑ. මෙහේ වැඩ කරන්නේ අපි. එදත් වැඩ කළේ අපි. අදත් වැඩ කරන්නේ අපි‘ යනුවෙනි.
නව බස් නැවතුම්පොළ විවෘත කිරීමට ඇමැති චම්පික ද එහි ළඟාවීමට නියමිත අතර මේ වන විට විශාල පිරිසක් මාර්ගය හරස් කරමින් එහි සිටීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. ආරක්ෂාව සඳහා ඉංගිරිය, හොරණ,මොරගහහේන යන පොලිසිවලින් නිලධාරීන් 150ක් පමණ යොදවා ඇතැයි ද පොලිසිය කියයි.![DSCN0342[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_sQdwAGyHlpOUIlgnjlN5tKOBnWrhPix8S6LgRbsZvBT_H41X3iNgXUeHcaz9Ixq054ncDgf59tgW0jnRDz67HnL8LV27-wumSFcGkc61vio9JjC1nksdR1WJVt-BZFZEPy60hKs8Qb_X5aPMvu=s0-d)
![DSCN0367[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vDezg6elcdhGMVkI-QVpTl1AV9YD9-_r2QOC4lJBy8Oa3eDm9612P8eLC_sDD7mbRTQfFOyjsZ6ZesWXdqMBVTGvDtZWkGTZlRLlJclKn8q02yuu04a6diCe32K0cobf0cVsN8dLlb-cvCDO_Z=s0-d)
![DSCN0370[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_sN-_fAQ_B6GLpyNiDENTBKa58yCoX616IriKvLDcIcozF1fNY7hxACp83_IWlQ4M5iN-Jlt6GsP7nfxtTBFI05NVprDTd9Jm9c14AzmawFOwI-hKr03T4gKV-HHOQsKIcfkdA-Xcrswfe-XPE=s0-d)
Loading...
No comments: