Lanka Net Gossip

මාර්ග නීති දඩය තවත් වැඩිවෙයි – වැරදි 6ට අවම දඩය රු.25,000යි බලන්නකො මේ කියන වැරදි මොනාද කියලා

Loading...

බීමත්ව රිය පැදවීම,අධික වේගය ඇතුළු රථ වාහන වැරදි 6ක් සඳහා දඩය රු.25,000ක් දක්වා වැඩිකිරීමට බස් සංගම් එකඟවූ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ අනුව බීමත්ව රිය පැදවීම,රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම,අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම,රක්ෂණ ආවරණයක් නොමැතිවීම,අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම ආදී වැරදි සඳහා මෙලෙස දඩය වැඩි කිරීම සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අද(21)ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,මුදල් අමාත්‍ය රවී කරුණානායක ආදීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවුණු බව කියැවෙයි
Loading...

No comments:

Powered by Blogger.