Lanka Net Gossip

ඔබගේ සැමියා හෝ පෙම්වතා ඔබට බොරු කියන්නේදෑයි දෑනගන්නේ කොහොමද ? මෙන්න ඔබත් දැනගන්න අදම බලන්න

Loading...

ඔබගේ සැමියා හෝ පෙම්වතා ඔබට බොරු කියන්නේදෑයි දෑනගන්නේ කොහොමද ? ඇත්තටම මේ දේ එතරම් අමාරුවක් නැතුව ඔබටම අල්ල ගන්න පුළුවන්. ඒ සඳහා අනෙකුගේ මනස කියවීමේ හැකියාවක් හෝ අධි මානසික බලයක් අවශ්‍ය වෙන්නේ නෑ . ඔහූ මූසාවක්ද පවසන්නේ යන්න ඔහූගේ හැසිරීම් රටාවෙන්ම ඔබට දෑනගත හැකියි. ඔහූගේ සාමාන්‍ය හැසිරීම් රටාව පිළිබඳව විශේෂයෙන් අවධානය යොමූ කර ඒ පිළිබඳව මනා දෑනූමක් ඔබ තුළ ඇති කරගත හොත් ඔහූ බොරු කියන්නේද නැද්ද යන්න ඔබට ඉතා පහසූවෙන් වටහාගත හැකියි. ඒ දේවල් ටික අද විශ්ම ලෝකයෙන් ඔබට කියලා දෙන්නම්.

සමහර අවස්ථාවලදී බොහෝ කාන්තාවන් නිකරුණේ තම සැමියා හෝ පෙම්වතා සැක කරන්නට පටන් ගනී. තවද ඔවූන් තම සැමියා/ පෙම්වතා තමාට බොරු කරන්නේ යැයි සිතමින් මානසික අසහනයට පත් වේ. සමහර අවස්ථාවලදී සහකරු ඉතාම විශ්වාසවන්ත ලෙස හැසිරෙන අයකු වූවද අදාල කාන්තාවන් විවිධ කාරණා පිළිබඳව සැක පහළ කරගනිමින් තවත් විවිධ කාරණා සිතෙහි මවාගෙන මනසින් දුක් විඳියිි. මෙවැනි කාරණා නිකරුණේ පවූල් අවූල් ඇති කිරීමට මඟ පාදන අතර මත බේද ඇතිවී පෙම් සබඳතා කැඩී බිඳී යාමටද හේතු වේ. නමූත් තම සහකරු/ පෙම්වතා බොරු කියන්නේදෑයි හරි හැටි දෑනගැනීමට ඔබට හැකියාව ඇත්නම් එවැනි අවූල් මතු නොවේ. බොරු කියන්නේකුගේ හැසිරීම් රටාව හඳුනා ගැනීමට හැකිනම් යමකු ඔබට බොරුවක් කියන විට කෂණිකයෙන් එය වටහා ගත හැකියි. මෙම ක්‍රියාවලිය පිටස්තර පූද්ගලයින් සඳහා අත්හදා බැලීම තරමක් අපහසූ නමූත් ඔබ ඉතාමත්ම සමීපව ඇසූරු කරනා සැමියා හෝ පෙම්වතා සම්බන්ධයෙන් ඉතා පහසූවෙන් ක්‍රියාත්මක කළ හැකිය. මන්දයත් ඔහූගේ සාමාන්‍ය හැසිරීම් රටාව පිළිබඳව ඔබ තුළ යම් අවබෝධයක් නොමැති නම් පළමූව ඔහූගේ සාමාන්‍ය හැසිරීම් රටාව පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. මූසාවාද පවසන විට ඕනෑම මිනිසෙකුගේ හැසිරීම් රටාව ස්වභාවික හැසිරීම් රටාවෙන් සූළු වශයෙන් හෝ වෙනස් වේ. එම වෙනස ඔබට හඳුනාගත හැකිනම් ඔබට බොරු කිරීමට ඔහූට නොහැකිය.

එවැනි සාමාන්‍ය හැසිරීම් රටාවේ වෙනසක් පහසුවෙන් හඳුනාගන්නා හැටි

දිව බොරු කීවාට ශරීරයට බොරු කීමට නොහැක. ඔබගේ සහකරු යමක් පවසන විට ඔහූගේ ශරීරයෙහි ස්වභාවික චලන රටාවෙහි වෙනසක් ඔබ දකීනම් බොහෝ විට එවැනි අවස්ථාවලදී ඔහූ පවසන්නේ සත්‍යයක් නොවිය හැක.

යමක් පවසන විට ඔහූගේ අත්, අත් බාහූ, හිස ආදිය චලන කිරීම්, දෙනෙත් එහා මෙහා ගමන් කරන ආකාරයෙහි වෙනදාට වඩා වෙනසක් ඔබ දකී නම්, ඔහූ බොරුවක් පවසන බවට එය නිදසූනකි. බොරුවක් පවසන විට ඔහූගේ ස්වභාවික චලනයෙහි වෙනසක් සිදුවන්නේ ඔහූ තමා පවසන්නේ සත්‍යයක් යැයි ඔබට ඒත්තු ගන්වන්නට විශේෂ මානසික අවධානයක් යොමූ කරන හෙයිනි. එවිට ඔහූගේ ස්වභාවික චලන රටාවෙහි වෙනසක් සිදුවේ.

මෙයට හොඳම උදාහරණය නම් යමෙකුගේ දෙනෙතයි. ඔහූ යමක් පවසන විට ඔබගේ දෙනෙත මඟ හරී නම් පවසන්නේ සත්‍යයක් නොවිය හැකිය. ඔහූ එසේ ඉවත බලමින් කතා කරන්නේ ඔහූගේ දෙනෙත තුළින් ඔබ ඔහූගේ සැබෑ තත්ත්වය හඳුනාගනී යන සැකයෙනි. (නමූත් දෙනෙත දෙස බලාගෙන බොරු කීමට හැකි ස්වල්ප පිරිසක්ද සිටින බව අප මතක තබා ගත යූතුය.)

ඔබට නොදෑනූවත්වම ඔබ කතා කරන විට ඔබගේ සිරුරද සන්නිවේදනයෙහි කොටසක් බවට පත්වේ. ඔබගේ සහකරු ඉතා උද්යෝගයෙන් යම් සත්‍යයක් ඔබට පවසන්නේ නම් ඔබගේ ශරීරය වටා දැත් යවා ඔබගේ දෙනෙත දෙස බලනූ ඇත. නමූත් බොරුවක් පවසන විට යම් ආතතියක් ඔහූ තුළ හටගනී. ඒ සමඟම ඔහූගේ ස්වරයෙහි වෙනසක් සිදුවනූ ඇත. ඔබ වටා ඇති ඔහූගේ අත්වල චලනය මෙන්ම ඔහූගේ දෙනෙත් චලනයද වෙනදාට වඩා වෙනසක් සිදුවේ.

නමූත් ඔබගේ සහකරු ඔබගේ සිරුර වටා අත යවමින් දෙනෙත දෙස බලාගෙන බොරු කියන දුලබ ඝනයේ අයෙක් නම් එවැනි තැනැත්තන් හඳුනාගන්නේ කෙසේද?

එවැනි අවස්ථාවලදී ඔහූගේ ශරීරයේ චලන වාර ගණන පිළිබඳව විමසිලිමත්වන්න. උදාහරණයක් ලෙස යමකු සත්‍යයක් ප්‍රකාශ කරන්නේ නම් ඒ සමඟම ඔහූ තමාගේ අත් පා හෝ ශරීරයෙහි යම් කොටසක් ස්වභාවික ලෙස චලනය කරයි. නමූත් මූසාවාද පවසන්නේ නම් ඒ සමගම අංග චලනයෙහි සූළු වෙනසක් හෝ සිදුවේ. නමූත් අසත්‍යය පවසා අවසන් වූ වහාම නැවත ස්වභාවික අංග චලනයට අවතීර්ණ වෙයි. මෙයට හේතුව නම් ඔහූ බොරුව පවසන අවස්ථාවේදී ස්වභාවික ලෙස පෙනී සිටීමට ඔහූගේ මනස මෙහෙයවීමයි. මනසෙහි විශේෂයෙන් ක්‍රියාත්මක වන එම ක්‍රියාවලිය එම අවස්ථාවේදී ශරීරය සූපූරුදු අංග චලනයෙන් බැහැරට ගෙනයයි.

මේ ආකාරයට මූසාවාද පවසන විට ඔබට එය දෑනගත හැකි තවත් ක්‍රමයක් පිළිබඳව සලකා බලමූ. යමෙකු ඔබට යමක් පවසන විට ඔහූගේ නාසය හෝ මූහූණ බොහෝ සැරයක් ස්පර්ශ කරයි නම් ඔහූ පවසන්නේ සත්‍යයක් නොවීමට ඉඩ ඇත.

මෙයට හේතුව නම් ඔහූ පවසන්නේ සත්‍යයක් නොවීමට ඉඩ ඇත. මෙයට හේතුව නම් ඔහූ අසත්‍යයක් පවසන හෙයින් මනස කැළඹී ඇති බැවිනි. එබැවින් ඔහූ තම දැත් යූහූසූළුව තබාගැනීම මගින් බොරුව වසන් කරනූ පිණිස උත්සාහයක යෙදෙයි.

සමහර විට ඔහූ නාසය අල්ලයි. දැත් ස්පර්ශ කරයි. තවත් අවස්ථාවක සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් උගුර පාදයි. වැඩි වශයෙන් ඉවත බලයි. ම්...යනූවෙන් පවසයි. මෙවැනි ක්‍රියා එකක් හෝ කිහිපයක් එකවර සිදුවිය හැකිය. ඔහූ එසේ හැසිරීමෙන් කාලය ලබාගන්නේ ඔහූ පවසන එම බොරුව ඔබ තුළ කිසිදු සැකයක් ඇති නොවන ලෙස ඒත්තු ගන්වා ගැනීමට උත්සාහ කරනූ පිණිසය.

ඉහත දෑක්වූයේ මූසාවාද පවසන්නෙකු තුළ එම අවස්ථාවේදී කෂණිකව ඇතිවන සූලබ චර්යා රටාය. එබැවින් එය හඳුනාගැනීම පිණිස ඔබ සතු ලඉවල පිළිබඳව විශ්වාසය තබාගන්න. ඔහූගේ ස්වභාවික හැසිරීම් රටා පිළිබඳව මනා වටහාගැනීමක් ලබාගන්න. එම හැසිරීම් රටා වෙනස් වූ විට ඔහූ මූසාවාද පවසන්නේදෑයි හරි හැටි තේරුම් ගැනීමට ඔබ සතු ලඉවලපාවිච්චි කරන්න. බොරුව හරිහැටි හඳුනාගත් පසූ එය පිළිබඳව ක්‍රිියා කිරීමට ඔබට පහසූය.

මෙම ලිපියට අවධානය යොමූ කරන්නේ කාන්තා පකෂය පමණක් නොවන බව මම හොඳින් දනිමි. මෙය කියවන පූරුෂ පකෂයට ද තම සහකාරිය පෙම්වතිය සම්බන්ධයෙන් ඉහත චර්යා රටා පිළිබඳව විමසිලිමත් විය හැකිය. මක්නිසාද යත් ඉහත සඳහන් චර්යා රටා කාන්තා හා පූරුෂ යන දෙපාර්ශවයටම පොදු බැවිනි.
Loading...

No comments:

Powered by Blogger.