ඇෙඟ් තියන ලෙඩ හිසරදයෙන් අඳුනගන්නේ මෙහෙමයි මෙන්න මේ තැන් රිදෙන්න ගන්නවනම් භයානකයි තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් මෙය ශරෙ කරන්න ඔබත් කාරුණික වන්න
Loading...
අපි කාටත් හිසරදයන්, එහෙමත් නැත්තන් ඔලූවේ කැක්කුම් හැදෙනවා කියන එක අමුතු දෙයක් නෙවෙයි. සමහරුන්ට වෙහෙස මහන්සිය නිසාත්, සමහරුන්ට නින්ද අඩු කම නිසාත්, තවත් සමහරුන්ට බොන වතුර ප්‍රමාණය අඩු වුනාමත් හිසරදය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒත් දන්නවද ඔලූවේ කැක්කුම් ලෝකය පුරා වෙසෙන මිනිසුන් රස්සාවල් වලට, පාසල් වලට නොපැමිණෙන්නත්, දොස්තර හම්බ වෙන්න යන්නත් තියෙන ප්‍රධානතම හේතුවක් බව? ඇමරිකාවේ හිසරදයන් පිළිබඳ පදනමෙන් පල කරලා තියෙන වාර්තාවකට අනුව මිලියන 300ක් පමණ සිටින ඇමරිකානුවන්ගෙන් මිලියන 28ක්ම මයිග්රේන් නැතිනම් හිසේ ඇම්ම කියන හිසරදයෙන් පිඩා විඳිනවා. ඉතින් අනෙක් ආකාරයේ හිසරදයන් එහෙමත් එකතු කරලා බැලූවම මේක ඇත්තටම බොහොම විශාල අගයක් කියන්න පුළුවන්. ඒත් කලිනුත් සඳහන් කළා වගේම හිසරදයන්ට හේතු විය හැකි කාරණා බොහොමයි. මේ අතර උණ, ඔසප් වේදනාව වැනි තත්ත්ව ඇතුළුව හැම දෙයක් නිසාම හිසරදයන් වැළදෙන නිසා ඇත්තටම අද දවසේ වැළදුන හිසරදයට හරි හේතුව මොකක්ද කියල කෙනෙක්ට දැන ගන්න අපහසුයි. මේකේ ප්‍රතිඵලය හිසරදයට කරන සමහර ප්‍රතිකාර වලට එක සැරෙන් හොඳ වුනත් සමහර වෙලාවට මොනවා කලත් හොඳ වෙන් නෑ කියලා හිතෙන හිසරදයන් වැළඳීමයි. ඉතින් ඊළඟ සැරේ හිසරදයක් හැදුනම හරිම හේතුව සොයා ගන්නත්, නිවැරදි ප්‍රතිකාරය ගන්නත් මතක තියා ගන්න මේ ලිපිය දිගටම කියවන්න.
හිසරදයන් වර්ග.
මුලින්ම අපි හිසරදයක් හැදෙන්න මූලික වන හේතු කාරණා ගැන සොයා බලමු. ප්‍රධාන වශයෙන් රුධිර සංසරණ පද්ධතියේ සංකූලතා (අධි රුධිර පීඩනය, විෂ එක් රැස් වීම වගේ), මස් පි~ු සංකෝචන (ආතතිය, වෙහෙස වගේ) සහ ආසාදනයන් (ඉදිමුම්) නිසා හිසරදයන් ඇති වීමට ඉඩකඩ තිඛෙනවා.
1. ඔඵන හිසරදය. :ඔඵන ්යැ්ා්ජයැ-
ඔැපචදරදප්බාසඉමක්ර නදසබඑ යැ්ා්ජයැ යන නම කෙටි කර යොදා ඇති මෙම හිසරදයට මූලික හේතුව හක්ක, හනු වල ගැටළු හා මුහුණේ මාංශ පේශි ආශ්රිත වේදනාවන්. මෙවැනි ගැටළු ඇති වීමට හේතු වෙන්නේ දත් එකට තද වීම, දත් එක මත එක මැදීම, හනුව අසාමාන්‍ය පැති වලින් පිඩනයට ලක් වීම, හනුව අවසන්ධි වීම හා ආතරයිටිස් රෝගය යනාදියයි. මේකේ තියන කරදරකාරී තත්වය හිසරදයේ වේදනාව හනුවට හෝ මුහුණේ පහල කොටසට පමණක් සිමා නොවී ඉහලින් තිඛෙන කම්මුල්, නළල් ප්‍රදේශය හා කන් ආශ්රිත ප්‍රදේශය දක්වාත්, පහලින් තිඛෙන ඛෙල්ල හා උරහිස ප්‍රදේශය දක්වාත් පැතිරී යාමට හැකියාව තියෙන එකයි.
2. නාස් කුහරය ආශ්රිත හිසරදය. :ීසබමි ්යැ්ා්ජයැ-
නමට අනුව කියවෙන විදිහටම මේ හිසරදය වැළෙඳන්න ප්‍රධාන හේතුව වෙන්නේ නාස් කුහරය ආශ්රිත අවහිරතා. විවිධ හේතු නිසා නාස් කුහරය ඉදිමීමට හෝ හිර වීමකට ලක් වුනාම එයින් කම්මුල් පිටුපස, නාසය හා ඇස් වල දරුණු වේදනාවන් හට ගන්න ඉඩ තියෙනවා. මේකේ ලොකුම කරදරේ තමයි ඉස්සරහට නැවෙන කොට, ඔලූව හොලවන කොට වගේම නිදා ගෙන නැගිටින කොටත් මේකේ වේදනාව තවත් වැඩි වෙන එකයි. ප්‍රධාන හේතු තමයි ආසත්මිකතාවන්, ලේ ගැටිති සහ ආසාදන වල බලපෑම්. මෙයින් ඇති වන බොහෝ හිසරදයන් මයිග්රේන් එකක් වගේම දැනෙන්නට ඉඩ තියෙනවා.
3. පොකුරු හිසරදය. :කකමිඑැර ්යැ්ා්ජයැ-
පොකුරු හිසරදය කියලා දෙයක් ගැන කලින් අහලා තිබුනෙවත් නෑ නේද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න. පොකුරු හිසරදයක් කියන්නෙ ලොකු වේදනාවක් තියෙන හිසරදයක් එක පාරටම ඇවිත්, දවසට කීප සැරයක් එක ළඟ හැදිලා, ආයෙත් මාස ගානක් යනකල් හැදෙන්නේ නැතිව තියෙන මහා අමුතු රෝගයක්. ඔබටත් මේ වගේ කිසිම වේදනාවක් නැතිව තිබිලා සැරින් සැරේ ලොකු වේදනාවක් දැනෙන හිසරදයක් හැදෙනවා නම් ඒක පොකුරු හිසරදයක් වෙන්න ඉඩ වැඩියි. මේක සාමාන්‍යයෙන් කිසිම හේතුවක් නැතිව එක පාරටම එන, හිසේ එක පැත්තක් විතරක් දරුණු විදිහට රිදෙන්න ගන්න රෝගයක්. බොහෝ විට ඇස් දෙක ලේ පැහැ වීම, නහය බර වීම වගේ රෝග ලක්ෂණත් මේ එක්කම ඇති වෙනවා. මේකෙන් ලොකුම බලපෑම සිද්ද වෙන්නේ ඇස් දෙකටයි, නළල ප්රදේශයටයි. කොහොම වුනත් මේ වගේ හිසරදයක් පවතින්නේ පැයකට අඩු කාලයක්, ඒ වගේම ගොඩක් වෙලාවට දවසේ එකම වේලාවකදී ඇති වෙන ගතියකුත් තියෙන්න පුළුවන්.
4. ආතතිය නිසා ඇති වන හිසරදය. :ඔැබිසදබ ්යැ්ා්ජයැ-
මේ විදිහේ හිසරදයක් ඇති වෙන්න තියෙන ප්‍රධාන හේතු දෙක තමයි ආතතියයි, සාංකාවයි. මාංශ පේශි වලින් උරහිස්, නළල හා හනු දෙක තද වෙන්න පටන් ගත්තම ඇති වෙන මේ හිසරදයෙන් වැඩි බලපෑමක් ඇති වෙන්නේ නළලටයි, මුහුණටයි, හිස් කබලටයි. ඒ තැන වල සැරින් සැරේට ඇදෙන තෙරපෙන ගතියක් දැනෙන්නට ඉඩ තියෙනවා. මේ හිසරදයට හේතු වෙන්නේ නින්ද අඩු කම, කෑම වෙලාව අතපසු වීම, මානසික ආතතිය වැඩි අවස්ථාවන්ට මුහුණ දීම, සංවේදී අවස්ථාවන්ට මුහුණ පෑම සහ මත්ද්‍රව්‍ය පානය වගේ කාරණා.
5. ඛෙල්ල ආශ්රිත හිසරදය. :භැජන ්යැ්ා්ජයැ-
ඛෙල්ල ආශ්රිත හිසරදය විද්‍යාත්මකව හඳුන්වන්නේ ජැරඩසජදටැබසජ යැ්ා්ජයැ කියලා. මේකෙදි ඇත්තටම හිසේ වේදනාවක් ඇති වෙන්නේ නෑ. ඒත් ඛෙල්ල පිටිපස්සෙයි, උර පතු දෙකෙයි ඇති වෙන වේදනාව නිසා හිස් කබලේ මුල මේ වේදනාව ඇති වෙනවා වගේ අපට දැනෙන නිසයි මේක හිසරදයක් කියලා වර්ග කරලා තියෙන්නේ. මේ නිසා මේ හිසරදය මග හරවා ගන්න විශේෂඥයෝ දෙන උපදෙස තමයි හිසරදයට හේතු වන කාරකයට ප්‍රතිකාර කරන්න කියන එක. ප්‍රධාන කාරකයන් වෙන්නේ තැලූණු ස්නායුවක්, මාංශ පේශි වල ගැට ඇති වීම, මාංශ පේශි වලට සිදු වන හානි, අස්ථින් ප්‍රමාණය ඉක්මවා වැඩීම, ගැටිති, පටක ඉදිමීම් හා සන්ධි ආශ්රිත ගැටළු වගේ දේවල් තමයි. විශේෂයෙන්ම සම්බාහනය, කටු චිකිත්සාව, භෞත චිකිත්සාව හා කශේරුකාව පිරික්සීම මගින් මෙයට විසඳුම් සොයා ගන්නට පුළුවන්.
6. හිසේ ඇම්ම - මයිග්රේන්. :ඵසටර්සබැ-
මයිග්රේන් එකක් නැතිනම් හිසේ ඇම්මක් කියන්නේ හිස හා නළල ප්‍රදේශයට දැනෙන තදබල වේදනාවයි, ඒ ප්‍රදේශ වේගයෙන් ගැහෙනවා වගේ දැනීමයි කියන දෙකම එකට සිදු වෙන තත්වයක්. මේ සමගම බොහෝ විට වමනය, අප්පිරියාව, කේන්තිය වගේම ආලෝකය, ශබ්දය වැනි දේ ඉවසීමට නොහැකි වීම යනාදියත් ඇති වෙනවා. විනාඩි කිහිපයක සිට පැය ගණනක් මේ තත්වය පවතින්න පුළුවන්. සමහරුන් කියන්නේ එයාලට විදුලි බුබුළු පත්තු වෙනවා, එක එක සුවඳවල්, රසවල් දැනෙනවා, අතපය හිරි වැටුණු ගතියක් දැනෙනවා වගේ දේවලූත් මයිග්රේන් එක්කම ඇති වෙන බවයි. විශේෂයෙන්ම අවධානය බිඳී යාම, කිසිවකට සිත යොමු කර ගන්න බැරි වීම වගේ දේවලූත් මයිග්රේන් ඇති වීම නිසා හට ගන්නවා. මයිග්රේන් සෑදී එය අඩු වූ පසු රෝගියා ගොඩක් වෙලා යන තුරුම ඉන්නේ අධික වෙහෙසකින් සහ කිසිවක් වටහා ගන්නට බැරි කෙනෙක්ගේ ගානටයි. මේ නිසාම අතිරේක මානසික, සමාජීය ප්‍රශ්න එහෙමත් ඇති වෙන්න ඉඩ තියනවා.
දොස්තර කෙනෙක් හමු වෙන්න අවශ්‍යද?
ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනය පෙන්වා දෙන්නේ හිසරදය සාමාන්‍ය දෙයක් වීමට ඉඩ තියෙනවා වගේම ඒක වඩා බරපතල ලෙඩක මූලික ලක්ෂණයක් වෙන්නත් ඉඩ තියෙනවා කියලයි. මේ වගේ බරපතල ලෙඩ විදිහට,
- මොළය සහ මොළය වටා තිඛෙන සිනිදු පටක ස්ථරය අතර ලේ වහනය වීම.
- අධි රුධිර පීඩනය.
- මෙනින්ජයටිස් හෝ එන්සේපලයිටිස් වගේ මොළය ආශ්රිත ආසාදනයකින් පෙළීම.
- මොළය තුල ඇති ගැටිති.
- හයිඩ්‍රොසෙපලස් තත්වය හෙවත් මොළය වටා තරල පිරීම නිසා මොළය තෙරපීමට ලක් වීම.
- හිස් කබල තුල පීඩනය ඉහල යාම. (මෙය ගැටිති ඇති වීමක් ලෙස වරදවා හඳුනා ගන්නටත් ඉඩක් තිඛෙනවා.)
- නිසි ලෙස නින්ද යාම සිදු නොවන ඇප්නියා රෝගය.
- හිස් කබල තුල ලේ ගැලීම, හිසේ රුධිර නාල වල ගැටළු. මෙයට ධමනි හා ශිරා අඩපණ වීම, (්රඑැරසදඩැබදමි ප්කදෙරප්එසදබ), මස්තිෂ්ක උපුලූව (ඉර්සබ ්බැමරහිප) හෝ ආඝාත ඇතුලත් වෙන්න පුළුවන්.
ඔවුන්ගේ වාර්තා වල පෙන්වලා දීලා තියෙනවා මේ රෝග ලක්ෂණ පහල වුනොත් වහාම වෛද්‍යවරයෙකු හමු වන්න.
- හිසරදය කිසිදු හේතුවක් නැතිව ඉතා තදින් හා දැරිය නොහැකි ලෙස ඇති වනවා නම්.
- නිතර හිසරදයන් ඇති වුනත් එක් වරම අනෙක් කවරදාටත් වඩා දරුණු විදිහේ හිසරදයක් ඇති වුනා නම්.
- කතා කිරීමේ අපහසුතා, පෙනීමේ දුර්වලතා, අත පය එහා මෙහා කල නොහැකි වීම, සමබරතාව නැති වී යාම්, එකවර ව්‍යාකුල බවක් දැනීම, කිසිවක් මතක නැති වී යාම වැනි දේ හිසරදය සමගම ඇති වෙනවා නම්.
- පැය 24කට වඩා කාලයක් ටිකෙන් ටික වැඩි වන හිසරදය.
- වමනය, උණ ගැනීම, ඛෙල්ල තද වීම, දැඩි අප්පිරියාව යනාදිය හිසරදය සමගම පවතී නම්.
- හිසේ තුවාලයක් ඇති වූ විට හිසරදය හට ගත්තා නම්.
- හිසේ එක් පසක ඇති වන හිසරදය, විශේෂයෙන්ම එම පැත්තේ ඇස රතු වී ඒ ආසන්නයේ ඇති වන දරුණු වේදනාවක් පවතී නම්.
- වයස අවුරුදු 50කට වැඩි අයෙකුට නිතර නිතර හිසරදය ඇති වනවා නම්.
- නිතර ඇති වන හිසරදය සමග පෙනීම අඩු වීම, ආහාර සැපිමේදී ඇති වන වේදනාව හා වේගයෙන් බර අඩු වීම සිදු වේ නම්.
- පිළිකාවක් හෝ ඒඩ්ස් වැනි රෝගයකින් පෙලෙන විටක අලූතෙන් හිසරදයක් ඇති වූවා නම්.
නිවසේදීම හිසරදයට සහනයක් ලබා ගන්න.
මුලිනුත් කියපු විදිහට හිසරදයක් ඇති වෙන්න බලපාන විවිධ හේතු වගේම භයානක රෝග එහෙමත් තිබුනත් වාසනාවකට වගේ ගොඩක් වෙලාවට එවන් ලොකු ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. බොහෝ දෙනා නිතර ඇති වන හිසරදයෙන් මිදෙන්න පැනඩෝල් හෝ ඉබියුප්රෝෆින් වැනි ඖෂධ ගන්න පුරුදු වෙලා තියෙනවා. ඒත් ඇත්තටම මේ දේවල් වලින් ඒ වෙලේට සහනයක් ලැබුනත් කාලයක් පුරා ගැනීමට පුරුදු වීමෙන් නැවත නැවත ඇති වන හිසරදයන් හට ගැනීමට ඒවාම හේතුවක් වෙන්නට පුළුවන්. මේ නිසා මීට පස්සේ හිසරදයක් දැනුනොත් මෙතන තියන දේවල් වලින් සහනයක් ගන්න උත්සාහ කරලා බලන්න.
නිතර ඇති වන හිසරදයන්ගෙන් සහනය ලබා ගැනීමට භාවිත කල හැකි ස්වාභාවික සංයෝගයන් කිහිපයක්.
- හිමාලයානු ලූණු. (මේවා සුපිරි වෙළඳසැල් වලින් ලබා ගන්න පුළුවන්.)
- ඉඟ=රු දැමු තේ.
- ලැවෙන්ඩර් මිශ්‍රිත ලෙමනේඩ්.
- විටමින් ඊ-2
- මැග්නීසියම් පෙති
මේ හැම දේකටම වඩා වැදගත් වෙන්නේ හිසරදයක් හැදුනු ගමන් පුළුවන් තරම් ඉක්මනට ලොකු වතුර වීදුරුවක් පානය කරන එකයි. අනිත් කොයි දේටත් වඩා ඉක්මනටත් පහසුවෙනුත් මේ දේ මගින් හිසරදය අඩු කර ගන්නට බොහෝ විට පුළුවන් වෙනවා. තවත් හොඳම ක්‍රමයක් තමයි වතුර හොඳට බීලා අඳුරු, නිශ්ශබ්ද තැනක තෙත් රෙද්දක් නළලට තබා ගෙන වැතිරී සිටීම. ඒ වගේම නිතර හිසරදයන් හැදෙනවා නම් හැදෙන දවස් හා වේලාවන් දින පොතක හරි වෙනත් ක්‍රමයකට හරි සටහන් කරලා තියා ගන්න පුරුදු වුනොත් ඔබට ඇති රෝගය හඳුනා ගන්න එය පහසුවක් වෙන්න පුළුවන්. මෙහෙම කරද්දී හිසරදය හැදුණු වෙලාව, අවසන් වුනු වෙලාව, ආසන්න පැය 24 තුලදී කෑවේ බිව්වේ මොනවද, පැය කීයක් නිදා ගන්න ලැබුනද වගේ දේවල් එහෙමත් සටහන් කරන්න පුළුවන් නම් තවත් හොඳයි. දොස්තර මහත්මයාට වගේම මේ වගේ පරිපූර්ණ වාර්තාවක් අධ්‍යයනය කරාම වැඩිපුර හිසරදයන් වැළදෙන්නට හේතු මොනවද කියන එක ඔබටම වුනත් බලා ගන්නට පුළුවන්. ඒ වගේ හිසරදයන්ට නිතරම බල පාන කාරණා වලින් ඉවත් වුනාම හිසරදයන් හැදෙන එකත් ඔබටම වලක්වා ගන්න පුළුවන්. මොනවා වුනත් නිතරම දරුණු හිසරදයන් ඇති වෙනවානම් අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් හමු වෙන්න අමතක කරන්න එපා. මේ ලිපිය කියවලා ඔබට හිසරදයන් ඇති වීම, ඒවාට හේතු හා එයින් මිදීමට ඇති ක්‍රම ගැන හොඳ අවබෝධයක් ලැඛෙන්න ඇති කියා සිතනවා. අඳුරන අය, යාලූවෝ, නෑදෑයෝ එහෙම මේවගේ හිසරදයන්ගෙන් පීඩා විඳිනවා නම් ඔවුන්වත් මේ ගැන දැනුවත් කරන්නට ෂෙයාර් කරන්න.

No comments: