Lanka Net Gossip

මවගේ හා ආච්චිගේ අනුබලයෙන් ගොළු පියා දියණියන් තිදෙනාට තිරිසන් වැඩක් කරලා

Loading...

තම විසිඑක් (21) හැවිරිදි වැඩිමහල් දියණිය ඇතුළු දියණියන් තිදෙනකුට කුඩා කල පටන් බරපතළ ලිංගික අතවර කළ බව කියන එම දියණියන් තිදෙනාගේ ගොළු පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීමට අනුබල දුන් බව කියන ගොළු පියාගේ මවද (ආච්චි) මේ මස 08 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් වරයා නියෝග කොට තිබෙනවා.
තම මව හා පියා ගොළු මවුපියන් බවත් පියා සෑම දිනකම රාත්‍රි කාලයේ තමන් නිදා සිටින ස්ථානවලට පැමිණ අතවර කරන බවත් තම මවට ඒ බව පැවැසුවත් ඇයට ඒ පිළිබඳ නොතේරුණ බව දැනගත් නිසා තම නිවෙසේ සිටි ආච්චිට ඒ බව පැවැසූ පසුව තම ආච්චි තමන්ට බොරු නොකියන ලෙසට බැන වැදුණු බවත් පවසමින් ඔවුන් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදී තවදුරටත් පවසා ඇත්තේ පියා විසින් සිදුකරන ක්‍රියාවට විරෝධය පළකරන විට ඔහු තමන්ට පහරදෙන බවත්ය.
එම දියණියන් තිදෙනා පසුගිය දිනක නිවෙසින් පලාගොස් බොරලැස්ගමුව පොලිසියට කළ ප්‍රකාශ අනුව එම සිද්ධිය අනාවරණය කරගත් බවද පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ එම දියණියන් තිදෙනා 21, 18 හා 16 වැනි වියෙහි පසුවන්නියන් බවත් ඉන් බාලවයස්කාර දියණිය හැර සෙසු දෙදෙනා රැකියාවල නිරතවන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම දියණියන්ගේ ගොළු මවද ඉදිරි දිනකදී අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවත්ය.
Loading...

No comments:

Powered by Blogger.