Lanka Net Gossip

ජීවිතේ පළමු වතාවට කොළඹ ඇවිත් අායෙත් නොයෙන ගමනක්‌ ගිය පුංචි විශ්මිගේ කතාව සන්වේදීඅ අය නැරබිමෙන් වලකින්න

Loading...

"මගේ දුව කවදාවත් කොළඹ ගිහිල්ලා නෑ. ඒ නිසා ගමේ පෙර පාසලෙන් ගිය අධ්‍යාපන චාරිකාවට දුවත් ගියා. ඒ ගමනට මගේ බිරිඳත් අනෙක්‌ චූටි දුවත් එක්‌කරගෙන ගියා. අනේ ඉතින් මම හීනෙකින්වත් හිතුවේ නෑ මගේ රත්තරන් දුව ආයේ කවදාවත් නොඑන ගමනක්‌ යාවි කියලා.
අධ්‍යාපන චාරිකාවක්‌ ගොස්‌ සිටියදී නිට්‌ටඹුව ප්‍රදේශයේදී තවත් පාසල් සිසුවියක සමඟ අතේ එල්ලී පාර හරහා මාරු වෙමින් සිටි අවස්‌ථාවේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක හැපීමෙන් සිදු වූ අනතුරකින් මියගිය පොළොන්නරුව කදුරුවෙල නගර මහා විද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ එම්. විශ්මි නවෝද්‍යා (8) දැරියගේ පියා වන එම්. දිනුෂ් සඳකැලුම් (28) මහතා හැඩූ කඳුළින් යුතුව එසේ කියා සිටියේය.
දරුවන් දෙදෙනකුගේ පියකු වන හෙතෙම සිවිල් ආරක්‌ෂක බළකායේ නියාමකවරයෙකි. පදිංචිව සිටිනුයේ පොළොන්නරුවේ මනම්පිටිය නගරයට ආසන්නවය. ඉකුත් 05 වැනි දින රාත්‍රි 7.00 ට පමණ සිදුව ඇතැයි කියන මෙම අනතුරින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විශ්මි නවෝද්‍යා දැරිය මෙලෙස පසුගිය 7 වැනිදා උදැසන මෙලොව හැර ගොස්‌ ඇත.
තම දියණියගේ අකල් වියෝව දරා ගත නොහැකි දුකින් යුතුව තවදුරටත් අදහස්‌ දැක්‌වූ දිනුෂ් සඳකැලුම් මහතා මෙසේද කීය.
දුව පුංචි කාලේ ඉඳලා පෙර පාසල් ගියෙත් මනම්පිටියේ ඉඳලා කරුවෙල නගරයට. අපි එයා පළමුවැනි වසරේ ඉඳලා ඉගෙන ගන්න යොමු කළෙත් කදුරුවෙල නගර මහා විද්‍යාලයට. දුව ඉගෙන ගන්න හරිම දක්‌ෂයි. පන්තියේ ටීචර්ලත් ඒ බව කියනවා. ඒ වගේම නැටුමට ගැයුමටත් එයා හරි ආසයි. ලොකු උනන්දුවක්‌ තියෙනවා. ළඟදී ඉස්‌කෝලේ බාල දක්‌ෂ වැඩසටහනක්‌ තියෙනවා කියලා ඒකේ නැටුමකට දුවත් තෝරාගෙන තියෙනවා. ඒකට අවශ්‍ය ඇඳුම් හෙම අලුතින් මහලා නැටුම් පුරුදු වෙමින් තමයි දුව හිටියේ.
පසුගිය සෙනසුරාදා ඉස්‌කෝලේ නිවාඩු නිසා පෙර පාසලෙන් යන ගමනට දුවත් ගියා. අහල පහල ගෙවල්වල ළමයිනුත් ඒ අයගේ අම්මලාත් මේ ගමනට සම්බන්ධ වුණා. මගේ දුව කවදාවත් කොළඹ ගිහිල්ලා නෑ. ඒ නිසයි මේ ගමන යන්න ගියේ. එයට මගේ බිරිඳත් අනෙක්‌ චූටි දුවත් එක්‌කරගෙන ගියා. අනේ ඉතින් මම හීනෙකින්වත් හිතුවේ නෑ. මගේ රත්තරන් දුව ආයේ කවදාවත් එන්නේ නැති ගමනක්‌ මේ යන්නේ කියලා. අපි මේ දුක කොහොම දරා ගන්නද දෙවියනේ.
Loading...

No comments:

Powered by Blogger.