රංගනයට පැමිණෙන සමහරු ගරුත්වය ගැන නොසිතා කටයුතු කරන අවස්‌ථා තියෙනවා
Loading...
රූපවාහිණිය නරඹන ඔබට Umayangana Wickramasinghe නුහුරු චරිතයක් නොවෙයි.
දැන් ඇය වේදිකා නාට්‍ය වලටත් සම්බන්ධ වෙලා. ඒ වගේම ව්‍යාපාරයකටත් අත ගහලා.
මේ හැම දෙයක් ගැනම උමයංගනා පුවත්පතකට පවසලා තිබුනෙ මෙහෙම.
මේ දිනවල කාර්යබහුලයි වගේ ?
තරමක් දුරට වැඩ කිහිපයකම නිරතව ඉන්න කාලයක්.
කාර්යබහුලත්වය ඇති වී තිබෙන්නේ වේදිකාව තුළද? එහෙමත් නැතිනම් ටෙලි නාට්‍යය නිසාවෙන්ද ?
ටෙලිනාට්‍ය කිහිපයකම මේ දිනවල වැඩ කරන්න භාරගෙන තියෙනවා. පසුගිය දවස්‌වල චාමික හත්ලහවත්තගේ රජා මං වහලා වේදිකා නාට්‍ය ලයනල් වෙන්ඩ්ට් හි වේදිකාගත කිරීම වෙනුවෙන් පුහුණුවීම්වල තිරත වුණා. ඒ හැරුණම චාලක රණසූරියගේ මාරක ළිඳේ සවාරියක් වේදිකා නාට්‍යයේත් රංගනයට දායක වෙනවා.
උමයංගනාට ටෙළි නාට්‍යයට වඩා වේදිකාව වාසනාව උදාකරන හැඩයි ?
වේදිකාව තුළ මට මහඟු අවස්‌ථා කිහිපයක් ලැබී තියෙනවා. චාලක රණසූරියගේ මාරක ළිඳේ සවාරියක් වේදිකා නාට්‍යයත් මෙවර සම්මානයට බඳුන් වූ නාට්‍යයක්. එවැනි නිර්මාණවලට දායක වෙන්න ලැබීම භාග්‍යයක්. ඒ හැරුණම ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන් සමග වේදිකා නාට්‍යයක රගපෑමේ අපූරු අවස්‌ථාවක් මට ලැබී තියෙනවා. ඒ උදයසිරි වික්‍රමරත්නගේ 361 වේදිකා නාට්‍යයේ.
උමයංගනා පුංචි තිරයෙන් දුරස් වෙන්න පටන් අරගෙනද ?
වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙනවා කියන්නෙ ටෙලිනාට්‍ය හෝ සිනමාව කියන කලා මාධ්‍යයන්ගෙන් දුරස් වෙනව කියන එක නෙවෙයි. මම වෘත්තීය නිළියක්. ඒ අනුව මට ඇරයුම් ලැබෙන හොඳ නිර්මාණවලට දින වෙන් කරගෙන මගේ දායකත්වය ලබාදෙනවා.
රඟපෑමේදී චරිත තෝරා ගැනීමක් කරනවද ?
මේ කාලය පුරාම මට ලැබුණ හැම චරිතයක්‌ම වාගේ හොඳ චරිත. ඒ නිසා විශේෂයෙන් තෝරාගැනීමක් අවශ්‍ය වුණේ නැහැ. අනික චරිතයක් හොඳ හෝ නරක වෙන්නෙ අපි ඒ චරිතයට ඉටුකරන සාධාරණත්වය අනුවයි.
සම්මාන ලැබෙනවා සේම ජනප්‍රිය අයගේ පෞද්ගලික ජීවිතවලටත් ප්‍රසිද්ධියක් ලැබීම ගැන උමයංගනා මොනවද හිතන්නේ ?
මේ තත්ත්වය අපේ රටට විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයේම ජනප්‍රිය මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ ජීවිත ගැන ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් හා මිනිසුන් අතර ප්‍රසිද්ධියේ කතා වෙනවා. නමුත් අද වනවිට සමාජ වෙබ් අඩවි සහ ඇතැම් මාධ්‍ය කිසිදු සදාචාරයකින් තොරව ජනප්‍රිය පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත ගැන විවිධ කතා පවසමින් සිටිනවා. මේ තත්ත්වය එතරම් හොඳ දෙයක් නෙවෙයි.
නිළියක වීම සහ ජනප්‍රිය කෙනෙක් වීම ගැන මේ පසුබිම තුළ ඔබට ඇත්තේ පසුතැවීමක්‌ද?
මේ වෘත්තියට මම බෙහෙවින් ගරු කරනවා. මේක කෙනෙකුට ලැබෙන සුවිශේෂී අවස්‌ථාවක්. මම මේ වෘත්තිය ගෞරවාන්විත වෘත්තියක් ලෙසයි සලකන්නේ. රංගන වෘත්තියට පැමිණෙන සමහරු මෙහි ගරුත්වය ගැන නොසිතා කටයුතු කරන අවස්‌ථා තියෙනවා. නමුත් කිහිපදෙනකුගේ ක්‍රියාකලාප තුළින් මේ වෘත්තිය ගැන තීරණය කරන්න බැහැ.
රංගනයට අමතරව උමයංගනා තවත් ක්‍ෂේත්‍ර ඔස්‌සේ තම හැකියාවන් උරගා බලමින් ඉන්නවා කියල දැනගන්න ලබුණා?
මේ වෙද්දි මම මගේ මල්ලිත් එක්‌ක එකතුවෙලා වෙළෙඳ ප්‍රචාරක ආයතනයකුත් පවත්වාගෙන යනවා. කලාකාරිනියක් විදිහට කලාවේ විවිධ පැති හරහා ලැබෙන අවස්‌ථා මෙම ක්‍ෂේත්‍රය හදාරන්න ලැබෙන අවස්‌ථා ලෙසයි මම දකින්නේ.

No comments: