Lanka Net Gossip

“අමරදේව සර් තමයි මගේ ජීවිතේ නැවත ඉපැද්දුවේ අම්මගෙන් පස්සේ” විශාරද නන්දා මාලිනියන්

Loading...


ශ්‍රී ලංකාවේ මහා ගාන්ධර්වයා, පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවය සමඟ සිය ජීවිතද අභාවයට ගිය බව විශාරද නන්දා මාලිනිය පවසනවා.
ආචාර්ය අමරදේවයන්ගේ අභාවය ශ්‍රී ලංකාවාසීන්ට මෑත යුගයේ අසන්නට ලැබුණු ‘දුක්ඛදායකම පුවත’ ලෙසිනුයි විශාරද නන්දා මාලිනිය විග්‍රහ කරන්නේ.
“අහසද, පොළවද, ගස් ගල්ද සතා සීපාවද මැලවිලා ඉන්නේ මේ ආරංචියෙන්.”
දශක පහක මුළුල්ලේ පැමිණි සිය සංගීත චාරිකාවට එදා මෙදා තුර අමරදේවයන් දිරි දුන් ආකාරය ඇය කෘතවේදීව සිහිපත් කළා.
“අමරදේව සර් තමයි මගේ ජීවිතේ නැවත ඉපැද්දුවේ අම්මගෙන් පස්සේ,” නන්දා මාලිනිය සඳහන් කළේ කඳුළු වලකා ගැනීමේ උත්සාහයක යෙදෙමින්.
හදවතේ මතු වන වේදනාව ඇගේ ඒ උත්සාහයට බාධා කළ බව පැහැදිලිව දකින්නට ලැබිණා. “මම හිතන්නේ මාව සැලකුවේ සර් දරුවෙකුට වගේ.”
“මම හිතන්නේ අපේ දරුවන්ටවත්, ඒ දරුවන්ගේ දරුවන්ටවත් කවදාවත් ඒ හිස් තැන පුරවන්න හම්බවෙන්නේ නෑ,” ඇය කඳුළු අතරින් වැඩිදුරටත් කියා සිටියේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.
Loading...

No comments:

Powered by Blogger.