Lanka Net Gossip

ඔබට නිරෝගී දරු උපතකට වැදගත්ම කරුනු මෙන්න දරුවෙකු පිලිසිඳ ගැනීමට සම්පූර්ණ විය යුතු කරුණු කාරණා ඔබත් අදම දැනගන්න නොදන්න අයට බලන්න Share කරන්න අමතක කරන්න එපා

Loading...

වසරකට වඩා කාලයක් අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ නිතර යෙදීමෙන් පසුවත් ගැබ් ගැනීමට අපොහොසත් වීම මඳ සරු බව ලෙස හඳුන්වනවා. මේ අවස්ථාවේ දී කල යුතු පලමු කාර්යය වන්නේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වීමයි.

දරුවෙකු පිලිසිඳ ගැනීමට කරුණු කාරණා රාශියක් සම්පූර්ණ විය යුතුයි. පුරුෂ ලිංගය ප්‍රාණවත් වීම, ශුක්‍රාණු ප්‍රමාණවත් පරිදි නිපදවීම, සංසර්ගය සිදුවීම, ශුක්‍රාණු පිටවී යෝනි මාර්ගය තුල තැන්පත් වීම, ශුක්‍රාණු නිවැරදි ආකාරයෙන් ප්‍රවාහනය වී ඩිම්බය වෙතට පැමි”ම, කාන්තාවගේ හෝමෝන සමබරතාවය, ඩිම්බය නිසි කලට පිටවීම, ඩිම්බය ගර්භාෂය වෙතට ප්‍රවාහනය, ඩිම්බය සංසේචනය හා යුක්තානුව ගර්භාෂයේ තැන්පත් වීම ලෙස එම කරුණු කෙටියෙන් දැක්විය හැකියි. මේ ක්‍රියාවලියේ අඩුපාඩුවක් නිසා මඳ සරු බව ඇති වෙනවා. වෛද්‍ය හමුවේ දී බලාපොරොත්තු වන්නේ එවන් අඩුපාඩු සොයා විසඳීමයි.
දියවැඩියාව, දුම් පානය, මත් පැන් පානය, ස්නායු ආබාධ හා විවිධ ඛෙහෙත් වර්ග නිසා පුරුෂ ලිංගික අප්‍රාණිකත්වය ඇති වෙනවා. වෛද්‍ය උපදෙස් අනුව ඛෙහෙත් වෙනස් කිරීම, මත්පැනෙන් හා දුම් බීමෙන් වෙන් වීම, දියවැඩියාව පාලනය කිරීම මඟින් ද ලිංගය ප්‍රාණවත් කරන ඛෙහෙත් පාවිචියෙන් ද මේ තත්වය මඟ හරවා ගන්න පුළුවන්.

වෘෂණ කෝශ වල ප්‍රමාණවත් තරමට ශුක්‍රාණු නිපදවීම නොයෙක් හේතු නිසා අඩු වෙනවා. වෘෂණ හා අපිවෘෂණ (testes and epididymis) වල ආසාදන, කුඩා කාලයේ දී වෘෂණ නිවැරදි ආකාරයට නොපිහිටීම (Undescended testes), කලින් සිදු වූ හානි( testes) ඒ අතර ප්‍රධානයි. වෘෂණවල නිපදවන ශුක්‍රාණු ප්‍රමාණය හා එහි ගුණාත්මක බව පිලිබඳ දැන ගැනීමටSperm full report  එකක් කල හැකියි. ඒ සඳහා ශුක්‍රාණු සාම්පලයක් රසායනාගාරයට ලබා දිය යුතුයි. ශුක්‍රාණු නිපදවීම වැඩි කිරීම්ට යම් ඛෙහෙත් වර්ග තිඛෙනවා. මේවා වෛද්‍ය උපදෙස් මත පමණක් ගත යුතුයි.
සංසර්ගය සඳහා සරු කාලය භාවිතා කිරීම ගැබ් ගැනීම සඳහා අත්‍යවශ්‍යයි. දින 28 ක ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකගේ ඔසප් වීම දින 3-4 පමණ සාමාන්‍යයෙන් පවතිනවා. ඔසප් වීම ඇරඹී 14 වන දින ඩිම්බය බිම්බ කෝශවලින් පිට වෙනවා. මෙය ovulation නමින් හැඳින්වෙනවා. ඩිම්බය පිට වීමට දින 3 කට පෙර සිට ඩිම්බය පිටවී දින 5 ක් පමණ වන තුරු සරු කාලයක් තිඛෙනවා. ඩිම්බයේ හා ශුක්‍රාණුවල ජීවිත කාලය සලකා බැලීමෙන් මේ සරු කාලය ගණනය කල හැකියි.

ශුක්‍රාණු වෘෂණ වල සිට පිටතට ගෙන එන්නේSpermatic cord නම් නාලයකින්. මෙම නාලයට සමහර විට hernia සැත්කම් වල දී හා ආසාදන වල දී හානි පැමිනෙණවා. එවිට නාලය අවහිර විය හැකියි. එවිටSperm full reportමෙකක රුචදරඑ වාර්ථාවේ ශුක්‍රාණු ප්‍රමාණය අඩුවෙන් පෙන්වනවා. සංසර්ගයේ දී ශුක්‍රාණු පිට වීමට බාධා නිසා ශුක්‍රාණු සාම්පලයක් අපිවෘෂණවලින් ලබා ගෙන IUI මඟින් ගර්භාශයේ තැන්පත් කල හැකියි. ශුක්‍රාණු නිවැරදි අන්දමට ගමන් කරන්නේ නැත් නම් එක ම පිලියම  IVF පමණයි. මෙහිදී ඩිම්බය හා ශුක්‍රාණු පිටත් දී සංසේචනය කර යුක්තානුව වර්ධනය වූ පසු ගර්භාශයේ තැන්පත් කරනවා.
කාන්තාවන්ගේ හෝමෝන සමබරතාවය බිඬෙන අවස්ථා අතර Polycystic ovarian syndrome  (PCOS) ප්‍රධානයි. උපත් පාලන ක්‍රමයක් දිගු කලක් භාවිතා කරමින් සිට ලඟ දී නැවැත්වූයේ නම් හෝමෝන සමබරතාවය යථා තත්වයට පත් වීමට යම් කාලයක් ගත වෙන නිසා ගැබ් ගැනීම ප්‍රමාද වෙනවා.PCOSනිසා ඩිම්බ නිසි ලෙස පිටවීමට ද බාධා එල්ල වෙනවා. PCOS රෝගය සිරුරේ බර අඩු කිරීම, ව්‍යායාම කිරීම, Metformin වැනි ඛෙහෙත් පාවිච්චිය මඟින් පාලනය කල හැකියි.

කලින් කරන ලද සැත්කම් නිසා ශ්‍රෝණි ප්‍රදේශයේ පටක එකට ඇලෙන්න පුළුවන්. ශ්‍රෝණි ප්‍රදේශයේ ආසාදන නිසාත් පටක එකට ඇලෙන්න පුළුවන්.මේවා adhesions නමින් හඳුන්වනවා. මෙනිසා සංසර්ගයේ දී වේදනාවක් ඇති වීමට ද ඉඩ කඩ තිඛෙනවා. පටක එකට ඇලීම නිසා පැලෝපීය නාල අවහිර වී ඩිම්බය ගර්භාශය වෙතට ගෙන ඒමට ද බාධා වෙනවා.Ectopic ගැබ් ගැනීමට ද මේ ඇලීම් හේතු වෙනවා. Laparoscopy සැත්කමක් මඟින් මේ ඇලීම් වෙන් කල හැකියි. මේ ආසාදන වලට ප්‍රතිජීවක ඛෙහෙත් වලින් ප්‍රතිකාර කරන්න පුළුවන්.
Loading...

No comments:

Powered by Blogger.