ජපානය හෙල්ලෙයි – සුනාමියකුත් එන්න ඉඩ තියෙනවාලු
Loading...
ඊසානදිග ජපානයේ ෆුකුෂිමා නගරයට ඔබ්බෙන් අද (22) අලූයම් කාලයේ ප්‍රබල භූ කම්පනයක් Earthquake සිදුවී තිබෙනවා.
එය රික්ටර් පරිමාණයේ 7.4ක ප්‍රබලතාවකින් යුක්ත බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ. භූ කම්පනයත් සමඟ සුනාමි අවදානමක් ද නිකුත් කෙරුණු අතර, මියාගි වෙරළාසන්නව කුඩා උදම් රළක් පසුව දක්නට ලැබුණා.
2011 වසරේ ඇති වූ භූ කම්පනයත් සමඟ ෆුකුෂිමා ප්‍රදේශය විශාල සුනාමි රළ පහරකට ගොදුරු වූ අතර එහි න්‍යෂ්ටික බලාගාරය ද විනාශයට පත්වුණා.
කෙසේ නමුත් අද සිදුවූ භූ කම්පනයෙන් විශාල හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තා ලැබී නැහැ. භූ කම්පනය ටෝකියෝ අගනුවරට ද බලපා ඇති අතර, වෙරළාසන්න ප්‍රදේශවලින් ජනයා ඉවත් කර ගැනුණා.
Loading...
No comments: