‘මේ විදියට පාරේ යන්නේ චොප්පෙ ද, වෙලේ සුදා ද, මරු සිරා ද, ආමි
විමලේ ද කියලා කාටවත් හොයන්න බැහැ. එක දිගට වාහන හත අටක් ලයිට් ගහගෙන
කඩාගෙන යනවා. පොලිසිය දන්නෙත් නෑ මේ වගේ කවුද යන්නේ කියලා. ඒ ගොල්ලන්ට වමත්
නෑ. දකුණත් නෑ. වේග සීමාවක් නෑ. මොකක්වත් නෑ. එහෙම රටේ පාරවල්වල යන්න කිසි
කෙනකුට හේතුවක් නෑ. මෙහෙම යන්නේ අපේ ඇමැතිවරුන්ද, නියෝජ්‍ය ඇමැතිවරුන් ද
මහා ඇමැතිවරුන් ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද එහෙම නැත්නම් මහා
අපරාධකාරයෙක් ද කියලා කවුරුත් දන්නේ නැහැ. මෙහෙම යන්නේ ප්‍රභූවරුන් නම්
එයාලත් කවුද කියලා දැනගන්න ඕනෑ නිසයි ප්‍රධාන ලාම්පු දල්වාගෙන අනවශ්‍ය ලෙස
නලා ශබ්ද කරමින් අපරික්ෂාකාරී ලෙස යන රථ ගැන වහාම සොයා බලන්න කියල මම
පොලිස්පතිට නියෝග කළේ‘ යැයි ජනපති කීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා
රූපවාහිනි සංස්ථාව සහ තවත් සංවිධාන රැසක් එක්ව අද (01) සිට ක්‍රියාත්මක කරන
ජාතික මාර්ග ආරක්ෂණ සතිය ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස
එක්වෙමිනි.
No comments: