Lanka Net Gossip

හෙට බස් වර්ජනය නිසා අදත් රස්තියාදු වෙන මිනිස්සු බලන්නකො වෙච්ච දෙයක්

Loading...

දීපව්‍යාප්තව සිදුකිරීමට නියමිත බව පවසන පෞද්ගලික බස් වර්ජනය සිදු කෙරෙන දිනය ජනතාවට සන්නිවේදනය වීමේ දෝශයක් හේතුවෙන් බස් වර්ජනය පැවැත්වෙන්නේ අද (01) යැයි සිතා සිටි පිරිසක් අපහසුතාවයට පත්ව සිටිනවා.
ඇතැම් මාධ්‍ය බස් වර්ජනය පැවැත්වෙන්නේ 01දා බවයි වාර්තාකර සිටියේ.
Exif_JPEG_420
Exif_JPEG_420
Exif_JPEG_420
Exif_JPEG_420
Exif_JPEG_420
Exif_JPEG_420
වර්ජකයින් විසින් ප්‍ර‍සිද්ධ කරන ලද පෝස්ටර්වල සඳහන්ව තිබුණේ බස්වර්ජනය පැවැත්වෙන්නේ 01දා මධ්‍යම රාත්‍රියේ සිට බවයි. එහෙත් එහි 01දා යන්නට සාපේක්ෂව “මධ්‍යම රාත්‍රියේ සිට“ යන්න ඉතා කුඩා ප්‍ර‍මාණයෙන් මුද්‍ර‍ණයකර තිබීම හේතුවෙන් පෝස්ටර් අලවා ඇති තැන්වල නැවතී කියවූ පිරිසට හැරෙන්නට එහි සඳහන්වූ “මධ්‍යම රාත්‍රියේ සිට“ නිසි පරිදි දැකගන්නට අවස්ථාව ලැබුණේ නැත. ඒ හේතුවෙන්ද බස්වර්ජනය පැවැත්වෙන්නේ 01දා යැයි වරදවා වටහාගත් පිරිසක්ද වෙයි.
පෞද්ගලික බස් රථ ධාවකයින්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ “අප පැහැදිළිවම පැවසුවේ බස් වර්ජනය 01දා මධ්‍යම රාත්‍රියේ සිට පවත්වන බවයි“ යන්නය. වර්ජනයට සහභාගී වූ ඇතැම් වෘත්තීය සමිති නායකයින් මාධ්‍ය හමුවේ පැවසුවේ 02දා බිංදුවයි බිංදුවේ පැයට බස් වර්ජනය අරඹන බවය.
ජනතාව චෝදනා කරන්නේ බස් වර්ජනය පැවැත්වෙන්නේ 02 දා බැවින් බස් වර්ජනය 02දා යැයි හරියට දැනුම් දුන්නේනම් 01දා තමන් අපහසුතාවයට පත්නොවන බවය.
“අපි දන්නව 02දා කියන දවස ආරම්භ වෙන්නෙ 01දා රෑ 12.00න් නැත්නම් මධ්‍යම රාත්‍රියෙන් පස්සෙ කියල. මේ වර්ජනය තියෙන්නෙ 02දා කියන එක පැහැදිළිව තේරෙන විදියට කිව්වනම් මොකද වෙන්නෙ. එහෙම කළානම් කාටවත් වරදින්නෙ නැහැනෙ. සමහර පුද්ගලික බස්වල යද්දී නිකරුණේ රස්තියාදු වනවාවගේ මේ වර්ජනයේදීත් ඇතැම් පිරිස් රස්තියාදු වුණා“
Loading...

No comments:

Powered by Blogger.