Lanka Net Gossip

බස් වර්ජනය සම්බන්ධයෙන් මෙන්න හෙට වෙන්න යන දේ ඔබත් දැන්ම දැනුවත් වෙන්න බලන්න

Loading...


බස් වර්ජනය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන කැඳවූ සාකච්ඡාවට අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සංගමය, සමස්ථ ලංකා පෞද්ගලික බස් රථ සමාගම් සම්මේලනය සහ දකුණු පළාත් පෞද්ගලික බස් රථ සංගමය සහභාගී නොවීය.
මේ සාකච්ඡාව සඳහා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න පමණක් සහභාගී වූ අතර ඔවුහු බස් වර්ජනයට එක්නොවන බව ප්‍රකාශ කළහ.
ලංගමය හෙට වර්ජනයට සහභාගී නොවන බවත් දිවයින පුරා සිකුරාදා (2) අතිරේක බස් රථ යොදවන බවත් කියයි. දිනකට ධාවනය වන ලංගම බස් රථ සංඛ්‍යාව 6000 දක්වා වැඩි කරන බවද ලංගම සේවකයින්ගේ නිවාඩු දින 7ක් යනතුරු අවලංගු කළ බවත් ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි
Loading...

No comments:

Powered by Blogger.