සාලේ හිටපු දූගේ යාළුවෙක් ගෙට දිව්වේ ඔන්න තාත්තා එනවා කියාගෙන, කාමරේදී මං දැකපු දෙයින් මගේ ඇස්
Loading...
ගේ අස්සේ හිටපු කොල්ලා පැනලා දිව්වා...
දුව රෝස මලක් වගේ හැඩකාර කෙල්ලෙක්..
අම්මා වගේම තාත්තා තමන්ගේ දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න මොන තරම්නම් කැපකිරීම් කරනවද., දුක් විදිනවද.
ඒත් ඒ දුක, වේදනාව හදුනන්නේ නැති දරුවෝ කරන වැඩ නිසා අම්මා තාත්තට සැනසීම වගේම සතුටත් නැතිවෙලා යනවා.
වැරදි ඇසුරවල් නිසා ජීවිතේ විනාශ වෙලා සපිරිගෙට යන්න සිද්ධවුණු දියණිය නිසා තවමත් දුක් විඳින තාත්තා කෙනෙකුගේ හෙළිදරව්වකි මේ.
මට දරුවෝ මහ ගොඩක් හිටියේ නැහැ. මට හිටියේ එක දරුවයි. එයත් ගෑනු දරුවෙක්.
මං මේ දුව හදාගන්න පුදුම දුකක් වින්දා. මං මෙහෙම හිටියට හොඳ රස්සාවක් කරපු කෙනෙක්.
මං විවාහ වුණේ ගෙදරින් ආපු යෝජනාවකට. අපේ පවුලේ මම විතරයි.
කසාද බැඳලා අවුරුදු තුන හතරක් ගතවුණා. ඒත් බිරිඳට දරුවෙක් ලැබෙන පාටක් තිබුණේ නැහැ.
අපි දෙන්නයි මගේ අම්මයි හැම දේවාලයකටම ගියා. පුළුවන් තරම් බාර හාර වුණා දරුවෙක් ලැබෙන්න කියලා.
අපි අනුරාධපුරේ ගියා. කතරගම ගියා. දළදා මාලිගාවට ගියා. මේ හැම තැනටම පුද පූජා කෙරුවා.
හොඳයි කියන හැම දොස්තර මහත්තයෙක් ම වගේ හමුවුණා. මේ ඔක්කෝම කරන්න පටන් අරගෙන අවුරුදු පහකට විතර පස්සේ මගේ බිරිඳට දරුවෙක් ලැබෙන ලකුණු පහළ වුණා.
ඒත් ඒ වෙනකොට මගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ.
බිරිඳගේ අම්මයි නංගියි අපේ ගෙදර නතර වෙලා හිටියේ. ඒ කාලේ මට මතක හැටියට බිරිඳට වයස අවුරුදු තිස් නවයක් විතර ඇති.
මං එයාට වඩා අවුරුද්දයි වැඩිමල්. දුව ලැබෙන්න ආ දා ඉඳලා බිරිඳ අසනීපයෙන් හිටියේ. දරුවා ලැබෙන්න ඇවිත් මාස හතරක් විතර වෙද්දී බිරිඳට හොඳටම අසනීප වුණා.
ප්‍රෙෂර් වැඩිවුණා. දොස්තර මහත්තුරු බයවුණා බිරිඳ ගැන.
ඒ නිසා ඒ ගොල්ලෝ දරුවගේ වයස සම්පූර්ණ වෙන්නත් කලින් සිසේරියන් සැත්කමකින් දරුවව ගත්තා.
දරුවා නිරෝගී කෙනෙක් වුණේ නැහැ. ඒ නිසා මං හිතුවේ අපිට දරුවා නැතිවේවි කියලා. ඒත් මට නැතිවුණේ මගේ බිරිඳ.
බිරිඳගේ මරණයෙන් පස්සෙත් දරුවා මාස දෙකක් විතර හිටියේ රෝහලේ.
මාස දෙකහමාරකට තුනකට විතර පස්සේ අපිට දරුවව දුන්නා ගෙදර ගෙනියන්න කියලා. මං දන්නෑ මට ඒ වේලාවේ දැනුණේ සතුට ද දුක ද කියලා. මං හරියට ඇඬුවා.
බිරිඳගේ නංගියි අම්මයි මගෙත් එක්ක නතරවුණා. නංගි විවාහවෙලා හිටියේ නැහැ. එයා මගේ දරුවට අම්මා කෙනෙක් වුණා.
අපි මේ දරුවව ඉතාම ආදරෙන් හදාගත්තා. ඒත් දරුවා ටික ටික ලොකු වෙනකොට අම්මා නංගිවත් අරගෙන ගමට ගියා.
අම්මට ඕන වුණේ නංගිව වෙනත් කෙනකුට බන්ඳලා දෙන්න. ඒත් ගමේ ගිහිල්ලා ටික දවසකින්ම නංගි ආයෙමත් ගෙදර ආවා.
ඒත් අම්මා ආවේ නැහැ. ගමේ මිනිස්සු එක එක කතන්දර කියනවා කියලා මට ආරංචිවුණා. අපේම නෑයෝ වුණත් එහෙමයි. මං අන්තිමට හිතාගත්තා ගේ ඉඩම් විකුණලා වෙන කොහෙට හරි යන්න.
බිරිඳගේ නංගි ගෙදර ඇවිත් අවුරුද්දකට විතර පස්සේ අපි ගේ ඉඩම් විකුණුවා. පිට පළාතකට පදිංචියට යන්න ගිය අපි ඊට කලින් අපේ විවාහය ලියාපදිංචි කෙරුවා.
බිරිඳගේ නංගිගේ නම සෞම්‍යා. අපි දරුවත් හදාගෙන බොහොම සතුටෙන් හිටියා.
දරුවගේ පපුවේ සිදුරක් තිබුණා. ඒක වෛද්‍යවරුන්ට පෙන්නුවට පස්සේ දරුවව ශල්‍යකර්මයකට ලක් කෙරුවා.
ඊට පස්සේ දූට තිබුණු හුඟාක් ලෙඩ සුව වුණා. මට ඕනවුණේ දුවට හොඳට උගන්නන්න.
දුවව අපි කොළඹ ලොකු ඉස්කෝලෙකට යැව්වා. සෞම්‍යා තමයි මුලින් ම දුවව ඉස්කෝලේ අරගෙන ගියේ.
මං හිතුවේ නැහැ සෞම්‍යා කිසිම දවසක මාව දාලා යාවි කියලා.
ඒත් සෞම්‍යා දුවව ඉස්කෝලේ අරගෙන යද්දි මඟදි හමුවෙච්ච කා එක්ක හරි යාළුවුණා.
සෞම්‍යා එයත් එක්ක යන්න ගියා. මගේ දුවයි මමයි ආයෙමත් තනිවුණා. සෞම්‍යා නැති පාළුව දුවට දරා ගන්න බැරි වුණා.
ඒත් මං ආයෙමත් විවාහයක් ගැන හිතුවේ නැහැ.
දුවයි මමයි බොහොම සහයෝගයෙන් හිටියට මට තනියම දුවගේ කටයුතු කරගන්න අමාරු වුණා.
මම දුවව නේවාසිකාගාරයක නතර කෙරුවා. මටත් නොදැනිම මගේ දුව ලොකු වුණා.
සාමාන්‍ය පෙළ විභාගයට ලියනකොට මගේ දුව බොහොම හැඩකාර කෙල්ලක්, හරියට රෝස මලක් වගෙයි. මං දූ ගැන හරිම ආඩම්බරයෙන් හිටියේ.
මං හිතුවා දුව හොඳට ඉගෙන ගනීවි කියලා. විභාගයෙන් පස්සේ දුව ගෙදර ආවා.
තාත්ති මං ගෙදරට යාළුවෙක් ගෙන්න ගන්නවා... මට මෙහෙ තනියම ඉන්න කම්මැලියි.
දුව එහෙම කියලා එයාගේ යාළුවෝ දෙන්නෙක්ව ගෙන්න ගත්තා. ඒ අයගෙන් එක දරුවෙක් ගැන මං හොඳටම දන්නවා.
ඒ දරුවගේ තාත්තා මගේ යාළුවෙක්. කොහොම හරි මේ දරුවෝ තුන්දෙනා ගෙදර හිටියා.
මං දවල් දවසේ කන්තෝරුවේ හිටියේ. දරුවෝ කරන්නේ මොනවද කියලා මං හරියට දැනගෙන හිටියේ නැහැ.
විශේෂයෙන් ම මට මගේ දූ ගැන අවිශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් අපි දරුවෝ ගැන විශ්වාස කෙරුවට දරුවෝ අපිව විශ්වාස කරලා තිබුණේ නැහැ. ආදරය කරලා තිබුණේ නැහැ.
මං දවසක් ගෙදර එද්දි අපේ ගේ ළඟ මෝටර් සයිකලයක් නතර කරලා තිබුණා. මං බැලුවේ පුදුම වෙලා. සාලේ හිටපු දූගේ යාළුවෙක් ගෙට දිව්වේ ඔන්න තාත්තා එනවා කියාගෙන.
මං ගෙට ගියේ පුදුම තරහකින්. ඒත් දූගේ කාමරේදී මං දුටුව දෙයින් මගේ ඇස් අදහාගන්න බැරිවුණා.
කිසිම තාත්තා කෙනෙක්ට එවැනි දෙයක් දකින්න ලැබෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා. මේ හැමදේම දුටුවට පස්සේ මං යකෙක් වගේ වුණා.
ගේ අස්සේ හිටපු කොල්ලා පැනලා දිව්වා. මං දූගේ යාළුවන්ව ඒ අයගේ මවුපියන්ට එන්න කියලා බාර දුන්නා.”
දුව හිටියේ මත්වෙලා වගේ. අර ගෑනු දරුවොත් ඒ වගේමයි. මට හිතාගන්න බැරි වුණා මෙයාලට මොකද වෙලා තියෙන්නේ කියලා. මං දුවව දොස්තර මහත්තයෙක් ළඟට එක්කගෙන ගියා. එතකොට තමයි දැනගත්තේ දූ කුඩුවලට ඇබ්බැහිවෙලා කියලා.
මං දුවව ගෙදර එක්කගෙන ආවා. මං හිතාගත්තා සතියක් විතර ගෙදර ඉන්න.
දුවව ආදරෙන් බලා ගත්තා. හැම තිස්සෙම මං දුවව මගේ ඇස් මට්ටමේ තියාගන්න උත්සාහ කළේ. ඒත් දුව හැමවිටම මාව මඟ හරින්න බැලුවේ.
තනියම කල්පනා කරනකොට පුදුම වේදනාවක් මගේ හිතට දැනෙන්න ගත්තා.
ඒත් ඒ දුක කියා ගන්න කෙනෙක් මට හිටියේ නැහැ. කාටවත් කියන්නත් බැහැ. සතියක් විතර යනකොට දුව සාමාන්‍ය තත්ත්වයට ආවා.
ඒත් දුව හැදුනේ නැහැ. දවසක් මම බඩු ගේන්න ටවුමට ගියා.
එදා හැන්දෑවේ දුව නිදියගෙන හිටපු නිසා මං එයාව ගෙදර තියලා ගියේ. ඒත් මම ටවුමට ගිහිල්ලා එනකොට දුව ගෙදර හිටියේ නැහැ.
මං පිස්සුවෙන් වගේ හැමතැනම දුවව හෙව්වා. මාස ගාණක් යනතුරු මට දුවව හොයාගන්න බැරිවුණා.
මේ අතර මම රස්සාවෙන් විශ්‍රාම ගියා. මගේ හිතේ අමාරුව කියාගන්න කෙනෙක් හිටියේ නැහැ. මං දුවගේ යාළුවන්ගේ ගෙවල්වලට ගියා. ඒත් දුව ඒ කොහේවත් හිටියේ නැහැ.
මම හැමදාම පන්සල් ගියා. මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න කියලා..
බෝධිය නාවලා ප්‍රාර්ථනා කළා. කොහොමහරි අවුරුද්දකට විතර පස්සේ පොලිසියෙන් අපේ ගෙදරට ආවා. ඔවුන් ආවේ මට දුව ගැන තොරතුරක් අරගෙන.
මං දන්නෑ... ඇයි දුව පොලිසියට මගේ විස්තර දුන්නේ කියලා..
මං දුව බලන්න ගියා. දුව පුදුම විදිහට වෙනස් වෙලා හිටියේ. බංකුවක වාඩිවෙලා හිටපු දුව මගේ කකුල් දෙක ළඟ වැටිලා අඬන්න ගත්තා.
මට මගේ පුංචි කෙල්ලගේ උණුසුම දැනුණේ හුඟ කාලෙකට පස්සේ...
ඒත් දුවව උසාවි ඉදිරිපත් කළාට පස්සේ එයාට දඬුවම් නියම වුණා. වැරැදි හැටියට තිබුණේ අනාචාරයේ හැසිරීම, මත්ද්‍රව්‍ය භාවිතය, සොරකම් කිරීම.
මම හැම මාසෙකම ඇවිත් දුවව බලලා යනවා. දුව දැන් හැදිලද කියන්න මං දන්නෑ. ඒත් එයා මොන දේ කළත් මගේ දරුවනේ.
මං බොහොම අමාරුවෙන් හදාගත්ත මගේ කෙලි පොඩිත්ත මෙහෙම හරි දකින්න ලැබීම මට සැනසිල්ලක්

No comments: