Lanka Net Gossip

Loading...

අද දවස ඔබට කොහොමද?
2016 සැප්තැම්බර් මස 19 වන සඳුදා

ඉර උදාව - පෙරවරු 06•00 ට
ඉර බැසීම - පස්වරු 18•09 ට
රාහු කාලය
දිවා 07•29 සිට 08•59 දක්වා.
රාත්‍රී 19•35 සිට 21•04 දක්වා.
සුභ දිශාව - නැගෙනහිර
මරු සිටින දිශාව - වයඹ


2016 සැප්තැම්බර් මස 19 වන සඳුදා - අද දවස ඔබට කොහොමද?


මේෂ ලග්නය
අද දිනයේදී ඔබට සුළු සුළු අවිනිශ්චිතතාවයන් ඇති වීමට ඉඩකඩක් පවතිනවා. එම නිසා සිතේ යම්කිසි කනස්සලු ගති ස්වභාවයක් මෙන්ම ආතතියක්ද ඇති වීමට හැකියාව ඇත. චංචල තීරණ ආදිය ගැනීමට ඔබට සිත කියයි. ජලාශ්‍රිත කටයුතු වලදී ප්‍රවේශම් වන්න.


වෘෂභ ලග්නය
ඔබට අද දිනයේදී ජලාශ්‍රිත කටයුතු වලට ඉතාමත්ම යහපත්. නිවසින් බැහැරව වැඩි කාලයක් ගත කරන්නට ඔබට සිදු වනු ඇත. එමෙන්ම ගෙදරදොරේ පුද්ගලයින්ගේ චෝදනා වලට ලක් වීමේ ඉඩකඩ වැඩියි. සුළු සුළු පාද ආශ්‍රිත රෝග තත්වද ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.


මිථුන ලග්නය
අද දිනයේදී ඔබට තරමක් ආවේගශීලි ගති ගුණ උදා කරවන්නට හැකියාව පවතිනවා. ඔබගේ හැගීම් සහ ගතිගුනත් තරමක් පාලනය කරගැනීම ඉතාමත්ම වැදගත්. පොදු කටයුතු හේතුකොටගෙන ඔබ කාර්යබහුල වනු ඇත. සැලසුම්සහගත වීම ඉතාමත්ම වැදගත්.


කටක ලග්නය
කලාත්මක නිර්මාණ සඳහා ඔබට යම්කිසි උනන්දුවක් ඇති වන බව කිව යුතුයි. ඔබගේ අධ්‍යාපන රටාවේනම් අනිවාර්ය වෙනසක් දැකගැනීමට හැකියාව ඇත. අධික වියදම් ඇති කිරීමට හැකියාව පවතිනවා. යම් යම් ගැටළු සහගත අවස්තාවන් ඇති විය හැක.


සිංහ ලග්නය
ඔබට විදුරවී නමැති යෝගයක් අද දිනයේදී උදා වී පවතිනවා. එමෙන්ම රුචක නමැති පංචමහා පුරුශයෝගයක ශක්තියද උදාව පවතිනවා. ආහාර සහ හෝටල් කළමනාකරණ ක්ෂේත්‍ර වල නියැලෙන උදවියට ඉතාමත්ම යහපත් කාලයකි උදාව පවතින්නේ. ආර්ථිකය ට යහපත්.


කන්‍යා ලග්නය
ඔබට උදාව පවතින්නේ භද්‍ර නමැති යෝගයක ශක්තියද උදා කරවමින්. ඔබ වචන භාවිතා කිරීමේදී බොහෝ සෙයින් ආරක්ෂා වීමට සිතට ගන්න. ඔබගේ ආර්ථික ශක්තිය වර්ධනය කරගැනීමට අද දිනයේදී හැකියාව ලැබේවි. උසස් අයගෙන් වාසි අත් වේ.


තුලා ලග්නය
ඔබට උදාව පවතින්නේ ඉතාමත්ම බලවත් ග්‍රහ පිහිටිමක්. නමුත් සෙනසුරුගේ බලපෑම මත යම් ඒරාෂ්ඨක තත්වයකුත් උදාව පවතිනවා. සංචාරක කටයුතු වලට නියැලෙන උදවියට ඉතාමත්ම යහපත්. ගමන් බිමන් බහුල වන නිසාම වෙහෙසකර තත්වයක් උදාවේ.


වෘශ්චික ලග්නය
අද දිනයේදී ඔබට නිවසින් දුරබැහැරව බොහෝ ගමන් බිමන් යෙදෙන දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. ජලාශ්‍රිත කටයුතු වලදිනම් බොහෝ සෙයින් ප්‍රවේශම් වීම ඉතාමත්ම වැදගත්. ඔබට අද දිනයේදී වැඩි හොඳක් අසන්නට සිදු නොවනු ඇත.


ධනු ලග්නය
ධනු ලග්න හිමි ඔබට භද්‍ර නමැති පංචමහා පුරුශයෝගයක බලය උදා වී පවතිනවා. ඔබට ඒරාෂ්ඨක තත්වයක්ද උදාව පවතිනවා. සියුම් කලාත්මක ක්ෂේත්‍ර වල කටයුතු කරන උදවියට තම හැකියාව වර්ධනය කරගැනීමට හැකියාව ලැඛෙනු ඇත. වෙහෙස අනුව ප්‍රතිඵල උදාවේ.


මකර ලග්නය
අද දිනයේදී මකර ලග්න හිමියන්ගේ ප්‍රේම සම්බන්දතා කෙරෙහි වැඩි ඉඩකඩක් වෙන් කරන ආකාරයකි දක්නට ලැඛෙන්නේ. පරණ තරහ මරහ පවා අමතක කර සතුටින් සිටින්නට හැකියාව ලැබේවි. ඉතාමත්ම මිතුරු ලීලාවෙන් කටයුතු කරනු ඇත.


කුම්භ ලග්නය
ඔබට උගත් උසස් නිලධාරින් සමග වැඩි වශයෙන් කටයුතු කරන්නට හැකියාව ලැඛෙනු ඇත. ඔබ තුල පවතින හැකියාවන් ඔවුන්ට නිවැරදිව පෙන්වන්නට නම් අමතක කරන්න එපා. එය ඔබේ අනාගත ආයෝජනයක් වේවි. වාසනාවන්ත දිනයකි.


මීන ලග්නය
අද දිනයේදී තමන් අවට පරිසරය තමන්ට අවශ්ය පරිදි සකස් කරගන්නට තමන්ට හැකියාව ලැබේවි. පසුගිය දිනවල පැවති සියුම් සතුරු කරදර ඔබට පහසුවෙන්ම දුරු කරගත හැක. ආහාර ගැනීමේ රටාවේ සුලු වෙනසක් සිදු වීමට ඉඩ ඇත. ආමාශගත රෝග ඇති වේ.

Loading...

No comments:

Powered by Blogger.