Lanka Net Gossip

රෝහිත ටටියානා ආදර කතාව හෙළි කෙරේ

Loading...

රෝහිත ටටියානා 
ආදර කතාව හෙළි කෙරේ


හිටපු ජනාධිපති පුත් රෝහිත රාජපක්ෂ පසුගියදා ප‍්‍රසිද්ධ කර තිබුණ මියුසික් වීඩියෝවක ඔහුගේ පෙම්වතිය වන ටටියානා ලී සමග රංගනයක නිරතවීම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා.
මෙවර ඉරිදා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබෙන රෝහිත සහ ටටියානා එම දෙදෙනා ගැන මේ දක්වා නොකී කරුණු හෙළි කර තිබෙනවා.
රෝහිත ඇය ගැන කියා ඇත්තේ මෙසේය.
‘එයා ටටියානා... එයාව මං අවුරුදු අටක් තිස්සේ 
දන්නවා. ඇත්තටම එයා දුකේදීත් සැපේදීත් අපි එක්ක ඉන්නවා. එයා මට ලොකු හයියක් වුණා. එයා ගැන අපේ පවුලේත් ලොකු පැහැදීමක් තියෙනවා. මං මුලින්ම එයා එක්ක කතා කරද්දීත් එයා මං කවුද කියලා දැනන් උන්නේ නැහැ. එයා එතකොට ගොඩක් පොඩියි. ඒ වගේම අපි බලයේ හිටියත් නැතත් ඒ ගැන එයාට කවදාවත් ප‍්‍රශ්නයක් ඇති වුණෙත් නැහැ.

අපේ පේ‍්‍රම සම්බන්ධයට දැන් අවුරුදු 6ක් විතර වෙනවා. මං එයාව මුලින්ම දැක්කේ නම් ජිම් එකේ සෙල්ලම් කර කර ඉද්දී. ටීවී එකේ එයාගේ කමර්ෂල් එකක් විකාශය වුණා. ඒක තමා එයාව මුලින්ම දැක්ක අවස්ථාව ඊට පස්සේ අවුරුදු 2ක් තිස්සේ හොයලා හොයලා තමයි හම්බ වුණේ.
ඊට පස්සේ ආයේ අවුරුදු දෙකක් විතර අපි හොඳ යාළුවෝ වගේ ආශ‍්‍රය කළා පස්සේ මං එයාට ආදරෙයි කිව්වත් එයා එක පාර කැමැති වුණේ නැහැ. කතා කළාට ආඩම්බරකම් පෙන්න පෙන්න හිටියා. හෙණ ගේමක් දීලා තමයි සෙට් කර ගත්තේ.’

ටටියානා රෝහිත ගැන මෙසේ කියා ඇත.

‘ඇත්තටම මට එයාව අඳුන්නලා දුන්නේ අපි දෙන්නාගෙම යාළුවෙක්. එහෙම අඳුරගත්තත් මං එයා එක්ක වැඩිය කතා කළේ නැහැ ඒ දවස්වල. පස්සේ අවුරුද්දක් දෙකක් යද්දී අපි හොඳ යාළුවෝ වුණා. අපේ එදිනෙදා වෙන දේවල් ප‍්‍රශ්න ගැන කතා කරද්දී එයා මට ළඟම සහෝදරයෙක් වගේ වුණා. ඒත් මං කවදාවත් හිතුවේ නැහැ අපේ යාළුකම ආදර සම්බන්ධයකට පරිවර්තනය වෙයි කියලා. සමහර වෙලාවට එයා මාව එයාගේ පුංචි නංගි කියලා කට්ටිය අදුන්නලා දුන්න අවස්ථා තිබුණා.
මං මුලින්ම අකැමැති වුණා. ඇත්තම අපි ඒ වෙලාවේ ෆෝන්වලින් කතා කර කර හිටියේ. එයා එක පාර මට කැමැතියි කිව්වම මට මොනවද හිතන්න  ඕනි කියලවත් හිතාගන්න බැරි වුණා. මං කොච්චර බය වුණාද කියලා කියනවා නම් ඇඳේ දිගා වෙලා උන්නු මං එක පාර ෆෝන් එකත් ඔෆ් කරලා ඇද උඩ ඉඳගත්තා. ඒ වෙලාවේ මට ඒක ලොකු කම්පනයක් වගේ වුණා.
ඔව්. එයා අනිත් පිරිමි ළමයින් වගේ හරිම සාමාන්‍ය කෙනෙක් වගේ හැසිරුණේ. ඉතින් මට එයාව දැනුණෙත් සාමාන්‍ය කෙනෙක් වගේ. ඒ වගේම එයා ගොඩක් අවංකයි. එයාට බොරු කියන්න බැහැ.’

සාකච්ඡා සටහන - අරුණි කළුපහන (මවිබිම)

රෝහිත ටටියානාව මුලින්ම දුටු සන්ලයිට් ඇඩ් එක පහතින්

රෝහිත හා ටටියානා පෙනී සිටි මියුසික් වීඩියෝව පහතින්

Loading...

No comments:

Powered by Blogger.