Lanka Net Gossip

විශාල ආදායම් ලබන ධනවතුන්ට බදු ක්‍රමයක්

Loading...

රටේ නිල නොවන ආර්ථික ක්‍රියාකාරකම් සිදුකොට විශාල ආදායමක් ලබන ධනවතුන් හඳුනාගෙන ඔවුන්ගෙන් වැඩි වශයෙන් බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

පොදු මහජනතාවගෙන් සෘජුව බදු අය කර ගැනීමෙන් මිදී මේ නව ක්‍රමවේදය ඔස්සේ වැඩි බදු ආදායමක් ධනවතුන්ගෙන් ලබාගැනීමට සැලසුම් කොට ඇත.

සංශෝධිත වැට් බදු පනත ඇතුළු අනෙකුත් තවත් අණපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් දැයි “දිනමිණ” මුදල් අමාත්‍යංශයෙන් කළ විමසුමකට පිළිතුරු ලබා දුන් එම අමාත්‍යංශයේ නීති උපදේශක කෝලිත ධර්මවර්ධන මහතා, ඉදිරියේදී වැට් බදු පනත පමණක් නොව තවත් බදු ගණනාවක් සංශෝධනය කරන බවත්, නව ලෝකයට හා අනාගතයට ගැළපෙන පරිදි නව පනත් ගණනාවක් හඳුන්වා දෙන බවත් කියා සිටියේය.

අපේ රටේ නොනිල ආර්ථික ක්‍රියාකාරකම් සිදුකරන පිරිසක් සිටිනවා. ඔවුන්ගේ ආදායම් ඉහළයි. කිසිම බදු මුදලක් රජයට ගෙවන්නේ නැහැ. අපි මේ වාගේ අය නිශ්චිතවම හඳුනාගෙන ඔවුන්ගෙන් වැඩි වශයෙන් රජයට ආදායම් බදු ගන්න හැකි වැඩපිළිවෙළක් ඉදිරි අයවැයෙන් හඳුන්වාදීමට කටයුතු කරනවා” යැයිද නීති උපදේශකවරයා පැහැදිලි කළේය.

අද රටේ ජනතාවට වඩාත් පහසුවෙන් හා සරල ක්‍රමවේදයක් ඔස්සේ කාර්යක්ෂමව බදු ගෙවන්න පුළුවන්කම ලැබෙන ලෙස බදු අණ පනත් සංශෝධනය කිරීම අපගේ වගකීමයි. ඒ අනුව මුදල් අමාත්‍යංශය මේ වනවිටත් යල්පැන ගිය බදු අණපනත් සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට තිබෙනවා.

වර්තමානයට ගැළපෙන, අනාගතය ගැන සිතා සකස් කරන මේ අණපනත් සියල්ල එකවර ක්‍රියාත්මක කිරීමට බැරිවෙයි. නමුත් ලබන අවුරුද්දේ අපේ රටේ මුදල් හා ආර්ථිකය සම්බන්ධ අණපනත් රාශියක් ක්‍රියාත්මක කිරීමට අපිට හැකියාව ලැබෙයි කියා මුදල් ඇමැති රවි කරුණානායක විශ්වාසය පළ කළේය.

අපේ ‍ර‍ෙට් විශ්‍රාමික දීමනා ගෙවීමේ ගෙවල් කුලී දීමනා ගෙවීම්, අණපනත් වාගේම නව මූල්‍ය නගරයේ ඇති වන නීති රීති, අණපනත් ආදියත් ඉදිරියේදී බොහෝ සේ සිතා නිර්මාණශීලීව වෙනස් විය හැකි බවද කෝලිත ධර්මවර්ධන මහතා කීය.



(දිනමිණ පුවත්පත ඇසුරෙනි)
Loading...

No comments:

Powered by Blogger.