Lanka Net Gossip

රනිල් ෆේස් බුක් ඔස්සේ කල ප්‍රකාශය

Loading...

‘අපට මොන රස්සාවත් එකයි’
රනිල් ෆේස් බුක් ඔස්සේ කල ප්‍රකාශය

තම දරුවන්ට ජනප්‍රිය පාසල් ලබාගැනීම වෙනුවෙන් ඊයේ සිට අද දක්වා උද්ඝෝෂණයක නිරතවන වෛද්‍යවරුන් අරමුණ කරගෙනදෝ අගමැති රනිල් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔවුනට පිළිතුරක් ලබාදී ඇත.
එය පහත පරිදිය.
“කිසිදු පුද්ගලයෙක් අනෙක් පුද්ගලයන්ට වඩා විශේෂ වරප්‍රසාදිතයෙකු නොවනවා සේම, කිසිදු වෘත්තියක් අනෙක් වෘත්තීන්ට වඩා විශේෂ වරප්‍රසාද වෘත්තියක් බවට 
අප හදුනාගන්නේ නැත.
නමුත් වෘත්තීය ගැටලු විසදීම, වෘත්තීය අයිතිවාසිකම් ලබාදීම හා මේ රටේ බදු ගෙවන ජනතාවට උපරිම සේවාවක් අඛණ්ඩව ලබාදීම සදහා අප ප්‍රමුඛත්වය ලබා දෙයි.“



දරුවන්ට හොඳම පාසල් ඉල්ලන වෛද්‍යවරුන්ගේ තර්කය වන්නේ තමන්ගේ වෘත්තීය ස්වභාවය මත වරින්වර ස්ථාන මාරුවන නිසා දරුවන්ට හොඳ පාසල් ගන්නට ස්ථිර ලිපිනයක් හදාගන්නට රස්සා ස්වභාවය මත දුෂ්කර බැවින් එම වරප්‍රසාදය ලබාදෙන ලෙසයි.

ඊයේ සිට ඉසුරුපායේ නැවතී උද්ඝෝෂනයේ නිරතවූ වෛද්‍යවරුන් 200 ක් පමණ අධිකරණ නියෝගයෙන් එම ස්ථානයෙන් පළවා හරින්නට පොලිසිය කටයුතු කර තිබේ. මේ අතර අද දිනයේ මෙම ප්‍රශ්නය මුල් කරගෙන දිවයිනේ ප්‍රදේශ කිහිපයක වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්ව සිටී.

කවුරුත් රස්සා වලින් එක බවට රනිල්ගේ ප්‍රකාශයේ ෆෙස් බුක් ස්ක්‍රීන් ඡායාරූපය පහතින්
Loading...

No comments:

Powered by Blogger.