Lanka Net Gossip

පාසල් ගිහින් ඇවිත් “අම්මා නැති ගෙදරට අම්මා“ වන 4 වසරේ පුංචි දුව…

Loading...


ඇය නමින් තනූෂා දිල්රුක්ෂිය. වයස අවුරුදු 09කි. ඉගෙන ගන්නේ නාඋල ලෙණදොර කණිෂ්ඨ විද්‍යාලයේය.
අැයගේ අයියා 14 හැවිරිදි අජිත් අශේන් කුමාර නවය වසරේය. මල්ලී නාමික අශේන්එ ක වසරේය. ශිව ප්‍රියදර්ශනී නම් ඔවුන්ගේ අම්මා මීට වසරකට පෙර සෞදි අරාබියේ රියාද් අගනුවර ගෘහ සේවිකාවක් ලෙස රැකියාවට ගොසිනි. එහෙත් එදා සිට මේවනතෙක් ඇගෙන් තොරතුරක් නැත.

ඔවුන්ගේ පියා රාජේන්ද්‍ර කුමාර්  දරුවන් රැකබලා ගන්නේ මහත් සෙනෙහසිනි. ඔහු වෘතියෙන් කරණවෑමියෙකි.
‘ඉස්කෝ‍ලේ ගිහින් ඇවිත් අපිම උයාගන්නවා. මේ ඉන්න තැන ටවුමේ මාමා කෙනෙක් දීලා තියෙන්නේ. මේක පුංචි කාමරයක්. මේ කාමරේ අපි ඔක්කොම ජීවත් වෙනවා. තාත්තා අපිට සේරම අඩුපාඩු අරන් දෙනවා. ලස්සන ගේක ඉන්න අපි ආසයි. ලයිට් එකක් යට මේසෙක පාඩම් කරන්නත් ආසයි.’ තනූෂා දිල්රුක්ෂි තෙපලන්නීය.
නිවසක් නොමැති තම දරු පවුල පිළිබඳව නාඋල ප්‍රාදේශීය ‍ලේකම් නිශාන්ත කරුණාතිලක මහතාගේ අවධානය යොමුව ඇති බවත්, නුදුරේදී නාඋල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයෙන්ම ඉඩම් කැබැල්ලක් සහ නිවසක් හිමිවනු ඇති බවත් රාජේන්ද්‍ර කුමාර් බලාපොරොත්තු සහගතව සිටී.
Loading...

No comments:

Powered by Blogger.