මහින්ද බරපතළ වරදක් කළා පැවිදි හඬ අද (04) පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේය
Loading...
යුද්ධය අවසන් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ බරපතළ වරද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි නොකිරීම යැයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි.
පැවිදි හඬ අද (04) පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේ එම සංශෝධනය අහෝසි නොකරනවා මදිවට උතුරු පළාතට ඡන්දයක් පවත්වා විග්නේෂ්වරන් වැනි ජාතිවාදි අදහස් දරන්නෙකුට මහඇමති ධූරය ලැබීමට ඉඩසැලැස්වූ බවයි.
එහිදී එම මාධ්‍ය හමුවට එක්වූ ඉත්තකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුවේ දකුණේ දේවාල, පල්ලි හැදීමට එපා යැයි ඇමතිවරයෙකු පැවසුවහොත් ඔහු අත්අඩංගුවට ගන්නා නමුත් උතුරේ පංසල්, බුදුපිළිම හදන්න එපා යැයි කියූ විග්නේෂ්වරන් නිදැල්ලේ සිටින බවයි.
ඔහු වව්නියාවේදී ලබන 6 වැනිදා තවත් පා ගමනක් යන බව ආරංචි වී ඇති බවත්, ජාතිවාදය අවුස්සන අයුරින් එවැන්නක් කළහොත් එයට විරුද්ධව කටයුතු කරන බවත්, උන්වහන්සේ කියා සිටියේය.
මාධ්‍ය හමුව ඇමතු පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් කියා සිටියේ විහාරදේවාලගම් පනත මගින් දළදා වහන්සේගේ ආරක්ෂාව විහාරාධිපති හිමියන් දෙදෙනෙකුට පැවරීමේ උත්සාහයක් පැවැති බවයි.
දියවඩන නිලමේ පත්කිරීමේ බලයද මෙම පනත මගින් වෙනස් වීමට තිබූ බවත්, සමස්ත සංඝයා වහන්සේම එම පනතට විරුද්ධව නැඟි සිටිය යුතු බවත්, උන්වහන්සේ එහිදී අවධාරණය කළේය.
Loading...
No comments: