ශිෂ්‍යත්වයෙන් මුල් තැන දිනූ දරුවාට කොළඹ පාසැලකට වරම් නැතිවෙන ලකුණු
Loading...
දික්වැල්ල, ඌරුගමුවේ සිතිජ නිරාන් සමරවික්‍රම දරුවා පිළිබඳව මේ වන විට රටම කතා කරන්නේ ඔහු ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු තැන ගත් නිසායි.
ඌරුගමුව මෙතෝදිස්ත ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඔහුගේ පියා රැකියාව කරන්නේ වීරකැටිය සමුපකාරයේයි.
මෑන්පවර් ආයතනයකින් ඔහුව එයට යොදවා ඇති අතර එය ස්ථිර රැකියාවක් නොවන බවයි මෙම දරුවාගේ පියා පවසන්නේ.
එම තත්වය තුළ තමන්ගේ දරුවා කොළඹ ඉහළ පාසැලකට ඇතුළත් කිරීම පිළිබඳව තවමත් සිතා නැති බවයි සිතිජගේ පියා සඳහන් කළේ.
“මට දැන් තියෙන්නේ රස්සාව ගැන බයක්. දැන් සිතිජ පුතාට ලොකු ඉස්කෝලෙකට නම් යන්න පුළුවන්. ඒත් කොළඹ ගියොත් නම් වියදම දරාගන්න අපිට අමාරුයි. අපි තාම හිතලත් නැහැ පුතාව කොළඹ එවනවාද, මාතර රාහුලේට යවනවාද කියලා. පුතා නම් අපි කියන දේට කැමැති වේවි. මාතර යැව්වත් ටිකක් වියදම් යනවා. කොළඹ යවන්න බය හිතෙන්නේ අපිට උදව් කරන්න එන අය අතරමගදී අපිව අත්හැරියොත් අපේ දරුවත්, අපිත් අමාරුවේ වැටෙන නිසයි.”යනුවෙන් ඔහු පවසනවා.
Loading...
No comments: