Lanka Net Gossip

එළියෙන් නිවාඩු නිකේතනයක්, ඇතුලෙන් ශිවගීතා ප්‍රභාකරන්ගේ ගෙදර ගණිකා නිවාසයක්

Loading...

ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත මඩකළපුව හිටපු නගරාධිපති ශිවගීතා ප්‍රභාකරන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ මඩකළපුව - ත්‍රීකුණාමලය මාර්ගයේ පිහිටා ඇති හිටපු නගරාධිපතිවරියට අයත් නිවසක මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මඩකළපුව පොලීසිය විසින් අදාළ නිවස පරීක්ෂා කර තිබේ.
එහිදී මඩකළපුව හිටපු නගරාධිපතිනිය සමග තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
නිවාඩු නිකේතනයක් මුවාවෙන් ඇය මෙම ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා
Loading...

No comments:

Powered by Blogger.