කෙසෙල් කැන් ප්‍රවාහනය කරන මුවාවෙන් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු වව්නියාව, මන්නාරම හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Loading...
කෙසෙල් කැන් ප්‍රවාහනය කරන මුවාවෙන් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු වව්නියාව, මන්නාරම හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වවුනියාව පොලීසියට ලද තොරතුරක් මත වෑන් රථයක් නවතා සිදුකළ පරික්ෂාවකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
එහිදී කෙසෙල් කැන් අතර සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 100ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
සැකකරු 30 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Loading...
No comments: